වැඩ් විස්තර සදහා පහත Link එකට යන්න..
නැගෙන හිරු - Nagena Hiru
මවගේ ලේ කිරි සහ හිරුගේ හිරු රැස්
Thursday, March 3, 2016
පානදුර නන්ගි මනාලියක් වේ...
Wednesday, March 2, 2016
Tuesday, March 1, 2016
මාධ්‍යවේදීන්ට පොන්නයා කියා බනින උසස් අමාත්‍ය
කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් 'අද' පුවත්පත ඊයේ (29දා) විමසා සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයෙකුට එවැනි ඉල්ලීමක් කිරීමට බලය තිබෙන බවත්, ලිපියක් යැවීමට නොහැකි නම් ඇමතිවරයෙකුගෙන් පලක් නොවන බවත් අපහාසාත්මක සහ අශීලාචාර වචනයෙන් බැණ වදිමින් ප්‍රකාශ කළේය.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ පෙබරවාරි 08 වැනිදා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සන සහිතව යොමුකර තිබූ මෙම ලිපියේ නිවැරදිතාව පිළිබඳව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයාගෙන් පෙරේදා (28) දිනයේදී විමසීමක් කිරීමේදී ඔහු සඳහන් කළේ මෙම ලිපියේ කිරිඇල්ල මහතාගේ නිල මුද්‍රාව සඳහන්ව නැති බැවින් එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් විය හැකි බවයි.
ඊයේ දිනයේදී ඒ පිළිබඳව ඇමතිවරයාගේ අවධානයට යොමු කරවන බවට මාධ්‍ය ලේකම්වරයා පෙරදින සඳහන් කළ බැවින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් මෙම ලිපියෙ සත්‍ය තත්ත්වය පිළිබඳව අපි විමසා සිටියෙමු.
එහිදී ඇමතිවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.
“ඒකේ තියෙන්නේ 'සුදුසුකම් පරීක්ෂා කර බලා' කියලනේ. ඇමතිවරයෙකුට බලය නැත්නම් ඉතිං ලියුමක් ලියන්න. විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයාට බලය තියෙනවා විශ්වවිද්‍යාලවලට නිර්දේශ නිකුත් කරන්න. අපි ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි)ද? ඔයා හිතන්නේ ඇමතිවරු කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) කියලද? මම කියලා තියෙන්නේ සුදුසුකම් පරීක්ෂාකර බලා අවශ්‍ය දේ කරන්න කියලයි. ඔයා ඒ කෑල්ල දැක්කේ නැද්ද? අයිසේ මේ මම කියන්නේ ඇමතිවරයා කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) නෙමේ.
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? තමුසෙලා පනතක්වත් කියවලා නෑ තමුසෙලා නිකන් මේ කොනක් අල්ලගෙන. ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල පනත කියවනවා. ඇමතිවරයාට නියෝග නිකුත් කරන්න බලතල ඒකේ තියෙනවා. 'සුදුසුකම් පරීක්ෂා කර බලා..' තමුසෙලා විශ්වවිද්‍යාල පනත කියවනවා ඕයි ඉස්සෙල්ලා. යහපාලන ආණ්ඩුව ආවට අපි මේ බලතල පාවිච්චි කළේ නෑ. ඒකයි වැරැද්ද. ගිය ආණ්ඩුව කාලේ ඒ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කළා. අපි කිසිම බලතලයක් පාවිච්චි කරලා නෑ.
නිර්දේශ නිකුත් කරන්න ඇමතිවරයාට බලය තියෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) වගේ මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලන්නේ හිටියේ. මහින්දගේ කාලේ අර කැළණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම සුනන්ද මද්දුම බණ්ඩාර (උපකුලපති මහාචාර්යය සුනන්ද මද්දුම බණ්ඩාර) මෛත්‍රීපාලට එරෙහිව කතා කළා ටී.වී. එකේ. ඒත් අපි ඒ අයට ඉන්න හැරියා. අපි ඒ අයව අයින් කළේ නෑ.
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? ඔයා විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? අයිසේ මේ තමුසෙලා අපෙන් ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා තමුසෙලා පනත කියවලා ඇමතිවරයාගේ බලතල මොනවද කියලා බලනවා. තමුසේ විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? තමුසෙලා මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන හිටියට තමුසෙලා මාධ්‍යවේදීන්ද? විශ්ව විද්‍යාල පනත කියවලා මට කතාකරන්න ඕන.
තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ හෙඩ්ලයින් බලාගෙන වැඩ කරන අය. ඔයා මගේ බලතල ගැන අහන්න ඔයා විශ්වවිද්‍යාල පනත කියවන්න ඕන. තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ ඕයි. තමුසෙලා නිකන් මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන ඉන්න එවුන්. ඉස්සෙලා මගේ බලතල කියවන්න. විශ්වවිද්‍යාලවලට නියෝග දෙන්න මට පනතේ බලතල තියෙනවා. හැබැයි මම තදින්ම බලතල පාවිච්චි කරලා නෑ. මම කියන්නේ සුදුසුකම් පරීක්ෂා කර බලා... ඔයාට තේරෙන්නේ නැද්ද"
පසුව ඊයේ (29) දිනයේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ විශ්ව විද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්ව විද්‍යාල සදහා නිර්දේශ ලබාදීමට ඇමතිවරයාට බලය තිබෙන බවයි. එසේම තමන් සඳහන් කර ඇත්තේ සුදුසුකම් සොයා බලා තාවකාලික කථිකාචාර්ය තනතුරක් ලබා දීමට බවද එහි සඳහන් වෙයි.
පොදුවේ තියෙන විධිවිධානයක් යම්කිසි කෙනෙකුට වාසි සහගත ලෙස භාවිත කරනවා කියන්නේ යහපාලනයට විරුද්ධයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා
ඇමතිවරයා සඳහන් කරන පරිදි 19 වැනි වගන්තියෙන් එවැනි දෙයක් පවසා නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. එසේම ඇමතිවරයා පනත අර්ථකථනය කිරීම හරහා ලිපියක් නිකුත් කරනවාට වැඩි වරදක් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා, “19 වැනි වගන්තියේ තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පොදු දිශානතිය සම්බන්ධයෙන් හා ඒ විශ්වවිද්‍යාල පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා වගකිවයුතුයි කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ නෑ විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය කටයුතුවලට මේ විදිහට සම්බන්ධ වෙන්න අයිතියක් තියෙනවා කියලා. නීතියේ වගන්තිවල තියෙන ප්‍රශ්නයක් තමයි ඒවා ඕන ඕන විදියට තමන්ට අවශ්‍ය විදියට අර්ථකථනය කරන්න පුළුවන්. එහෙම අර්ථකථනය කරන සිරිතක් නෑ. මේක පොදු වගන්තියක්. ඒකෙන් කියන්නෙ ඇමතිවරයාගේ වගකීම. නමුත් ඒකෙන් කියන්නෙ විශ්වවිද්‍යාල දෛනික කටයුතුවල වගකීම නෙමෙයි.
විශ්වවිද්‍යාල කටයුතු නිසි ලෙස සිදුවෙන්නේ නැත්නම්, ඒ විශ්වවිද්‍යාල කටයුතු නිසිලෙස බිඳවැටිලා නම් ඒ වගේ දෙයකදි ඇමතිවරයාගේ වගකීම තහවුරු කරන්න තමයි පොදු දිශානතිය තියෙන්නේ. එහෙම නැතිව එදිනෙදා වෙන පත්වීම් සම්බන්ධයෙන් වෙන දේ නෙමෙයි. මේවා අවභාවිත කරලා තමයි ඇමතිවරු කටයුතු කරන්නේ. අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් මැදිහත් වුණේ පළමු අවස්ථාවට.
අනධ්‍යයන කාර්යමණ්ඩලය බඳවාගනිද්දී ඇමතිවරයාගේ ලිස්ට් එකෙන් තමයි බඳවාගන්නේ. මම නම් කවදාවත් දැකලා නෑ මේ වගේ වගන්තියක් මේ වගේ ක්‍රියාවක් සාධාරණීකරණය කරගන්න භාවිත කරනවා. එතකොට ඒකෙන්ම පෙන්වනවා ඇමතිවරයා මේ කාර්යයට සුදුසු නෑ කියලා. පොදුවේ තියෙන විධිවිධානයක් යම්කිසි කෙනෙකුට වාසි සහගත ලෙස භාවිත කරනවා කියන්නේ යහපාලනයට විරුද්ධයි. ඇමතිවරයා ලියුම නිකුත් කරලා කර තිබෙන වරදට වැඩි දෙයක් කරලා තියෙනවා මේ විදියට පනත අර්ථකථනය කිරීම මගින්" යනුවෙන්ද සඳහන් ක
Monday, February 29, 2016
එක්නැලිගොඩගේ ඉතිහාසය
මාතෘභූමිය පාවාදීම පුරපුරේ උරුමයක් කරගත් එක්නැලිගොඩලාගේ යටගියාව මෙන්
ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ මේ වන විට කාලයක පටන් විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත. එක් පසෙකින් එය නීතියේ ආධිපත්යබ පසිඳලන බවට සමාජයට පසක් කරන මාතෘකාවක් වන විට තවත් පිරිසකට එක්නැගිලොඩ යනු අරහං මාතෘකාවක් බවට පත්වී ඇත.
ඇත්තටම මේ ප්‍රගීත් එක්නැලිගොඩ යනු කවරෙක්ද ? සහ ඔහු මේ වන විට ජීවමානව පෙනී නොසිටියත් මේ සමාජයේ මේ තාක් ඔහු වෙනුවෙන් උනන්දු වන්නේ ඇයි ? යන කරුණු ගත් කල, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්රිගීත් එක්නැලිගොඩ නැමති මාධ්‍යවේදියා හෙවත් කාටුන් ශිල්පියා මේ වන විට අතුරුදහන් වි ඇති බවයි.
ජාත්‍යන්තර වශයෙන් එසේ කියද්දී ඩේලි මිරර් පත්‍රයේ කතුවරයා වන සඳුන් ජයසේකර පවසන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවන බවයි.
සඳුන් ජයසේකර මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු ලෙස දේශපාලනික, සාමාජීය හැලහැප්පීම් මැද අවුරුදු 30 ක ලද පලපුරුදු අත්දැකිම් ඇති අයෙකු වන අතර ඔහු ප්‍රශ්නකර සිටින්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු වූයේ කෙසේද යන්නයි.
ප්‍රගීත් එක්නැලිගොඩ කිසිදු දිනක පුවත් කතෘකෙනෙකු ලෙස කටයුතු කර නොමැති බවත් කිසිදු දිනක රූපවාහිනී වැඩසටහනක් හෝ අවම වශයෙන් මාධ්‍යයක සාකච්ඡාවකට හෝ සහභාගී වී නොමැති බව ඔහු පවසයි.
එසේම මෙම එක්නැලිගොඩ යන නාමය අද පමණක් නොව ඈත අතීතයේද බොහෝ කතාබහට ලක්වූ නාමයකි. එකල උඩරට බ්‍රිතාන්‍යයයන්ට ගැතිකම් කල කලු සුද්දන්ගේ අතකොළුවක් බවට මෙම එක්නැලිගොඩලා පත්වී තිබින.
සිංහලේ රාජ්‍යයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට අල්ලා දීමට මූලිකත්වය ගන්නේ එක්නැලිගොඩ නිලමේය. 1815 පෙබරවාරි 18 වැනිදා අවුරුදු රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන්ට අල්ලා දී වසර 2357ක් අවිඡින්නව අඛන්ඩව රැකගෙන ආ සිංහලේ රාජ්‍යයේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමේ අභාග්‍යසම්පන්න ඉරණමට මේ රට පත්කිරීමට මේ එක්නැලිගොඩලා උරදි කටයුතු කළ පුද්ගලයන්ය.
මැද මහනුවර ගල්ලැහැවත්තේ සැගවී රාජසිංහ රජු අල්ලාගත් කණ්ඩායම මෙහෙයවූයේ එක්නැලිගොඩය. එක්නැලිගොඩ නිලමේ සහ පිරිස රජු සැඟව සිටි නිවස වටලා රජු සහ රැජිණිය වූ වෙන්කති රන්ගම්මාල් එළියට ඇද දමා රජු සහ රැජිණ සතු වටිනා ආභරණ සහ පැළඳ සිටි දෑ පැහැර ගන්නා ලදී. ඉන් පසුව රජුව නිරුවතින් බැඳ දැමුවේ ඌරන් රැගෙන යන්නා සේ තිරස් පොල්ලකය.රජුගේ ආරක්ෂාවට සිටි උඩුපිටි ආරච්චිව සියතින්ම මරා දැමූ මෙම ද්‍රෝහියා රජු අල්ලාගෙන බ්‍රිතාන්‍යයන්ට භාරදුන් පසුත් ඔවුන් ඉදිරිපිටම රජුට අතින් පයින් පහරදීමට තරම් නරුමයෙකු විය. එපමණක් නොව ලේ වගුරවමින් රැජිණගේ දෙකන් ඉරා කරාබුද කඩා රජුව බැඳ බ්‍රිතාන්‍යයන්ට බාර දුන්නේ ඉතාම උජාරුවෙනි.
ඉංග්‍රීසීන්ට කළ සේවය අගයා මඩවල, මැද්දේගම ගම් සහිතව සතර කෝරළයේ මඩිහේ මුහන්දිරම් තනතුරින්ද එක්නැලිගොඩ පිදුම් ලැබීය. සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ට පාවාදීමෙන් නොනැවතුණු එක්නැලිගොඩ 1818 උඩරට මහ කැරැල්ලේදී ඉංග්‍රීසීන් වෙනුවේන් සේවය කරමින් ඌවේ වැසියන්ට හිරිහැර කරමින්, ගේවල් ගිනි තබනවා පමණක් නොව හිතූ මනාපයට ස්වදේශික වැසියන් මරා දැමීමට පවා කටයුතු කළහ. මේ සේවය වෙනුවෙන් 1829 ජනවාරි 29 ප්‍රකාශ පත්‍රයෙන් ආණ්ඩුකාර රොබර් බ්‍රවුන්රිග් සබරගමුවේ හිරමඩගම ගම්වරයද එක්නැළිගොඩට පිරිනමා ඇත.
ඉතිහාසය එපරිදිය. ඒ එදා එක්නැලිගොඩලාය, එනම් එදා පටන් අද වන තුරු එක්නැලිගොඩලා ගේ ගති පැවතුම් ජානමය වශයෙන් පැවතගෙන එන බව අරුමයක් නොවනු ඇත.
මේ කරුණු පදනම් කරගනිමින් සඳුන් ජයසේකර මෙවැනි ආකාරයෙන් ප්‍රශ්න කරයි.
1. ප්‍රගීත් එක්නැලිගොඩව මාධ්‍යවේදියෙකු බවට පත් කලේ කවුද?
2. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවේ නම් ඔහුව මාධ්‍යවේදියෙකු බවට හැඳින්වූයේ ඇයි?
3. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවේ නම් ඔහු කවරෙක්ද? එසේ නම් ඔහු සේවය කලේ කා වෙනුවෙන්ද?, ඔහුට යැපීමට ආධාර උපකාර කලේ කවුද?
4. ඔහු සේවය කල පුවත්පතක් හෝ ඔහු කාටුන් චිත්රය ඇඳ පල වූ පුවත් පතක් නම් කල හැකිද?
5. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු බවට පැමිණිලි කලේ කවුද? සහ ඔවුන්ට ඒ පිළිබඳ ක්‍රියාත්මක විමට ඇති යාන්ත්‍රණය කුමක්ද?
6. වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ යුධ කාල වකවානුව තුල සිදුවූ සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත පැහැදිලි කරුණු අනාවරණ කර ඇති නමුත් ඒ සඳහා මෙතරම් ප්‍රසිද්ධියකට පත් කර නොමැත.
7. මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කර ඇත්තේ ඒ ප්‍රගීත් එක්නැලිගොඩ නැමති මාධ්‍යවේදියා පදනම් කරගෙන නගන ලද චෝදනා සම්බන්ධයෙනි.
8. මේ සියළු කරුණු පදනම් කර ගනිමින් ප්රගීත් එක්නැලිගොඩ සත්‍යවශයෙන්ම කවරෙක්ද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව උදාවී ඇත.
වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර ශ්‍රීලංකා හමුදාව රසායනික අවි භාවිතා කල බවට ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පැවැත්වූවාලු, ඒ පිළිබඳ වාර්තාකරණය කලාලු, නමුත් මේ වන තෙක් ජාත්‍යන්තරයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රීලංකා හමුදාවන්ට රසායනික් අවි භාවිතා කල බවට චෝදනා එල්ලවී නොමැත. පසුගිය අගෝස්තුවේදී රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් ජිනීවා නුවරට ගිය එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍ය එක්නැලිගොඩ නමැත්තිය රජයේ හමුදාව රසායනික අවි භාවිතා කරමින් දමිළ වැසියන් සමූල ඝාතනය කළ බව ප්‍රකාශ කළාය. මෙය රාජ්‍ය ද්‍රෝහී සාවද්‍ය ප්‍රකාශයකි. නමුත් ඇයට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත.
එක්නැලිගොඩගේ LTTE සබදතා
LTTE බුද්ධි අංශ සාමාජිකයෙකු වූ තවෙන්ද්‍රන් සමග ගනුදෙනු කල ප්‍රගීත් එක්නැලිගොඩ පෙනී සිටියේ “ප්‍රදීප් රන්ජිත්” යන අන්වර්ථ නාමයෙනි. තවෙන්ද්‍රන් යුද හමුදාවට බාර වීමෙන් පසුව හමුදා බුද්ධි අංශයේ ඔත්තු කරුවකු ලෙස කටයුතු කළ අතර ඒ බව නොදැන ප්‍රගීත් නොහොත් රන්ජිත් තවෙන්ද්‍රන් සමග දිගු කලක් කටයුතු කර ඇත.එමගින් 2009 පසු LTTE රහස් බොහොමයක් හා පුද්ගලයින් රැසක් හඳුනා ගැනීමට හමුදා බුද්ධි අංශ සමත් වී ඇත. අවසානයේදී මේ බව දැනගත් එක්නැලිගොඩ ව්‍යාජ නාමයකින්, ව්‍යාජ ගමන් බලපත්‍රයක් සාදාගෙන රටින් පිටව ගොස් ඇති බවට සැක පල කෙරේ.
බුද්ධි අංශ සතු එක්නැලිගොඩගේ රහස් හඩපට
ප්‍රදීප් රංජිත් නමැත්තා කොටි සංවිධානයෙන් මාසිකව ලද වැටුපකට සේවය කර ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර කොළඹදී සිදු කරන ලද බොහෝ කොටි ක්‍රියාකාරකම් වලට ඔහුගේ සහය ලැබී ඇත. ප්‍රදීප් රංජිත් නොහොත් ප්‍රගීත් එක්නැලිගොඩ කොටි බුද්ධි අංශ සාමාජික තවෙන්ද්‍රන් සමග ප්‍රභූ ඝාතනයක් සදහා සැළසුම් කරන රහස් හඩපටයක් බුද්ධි අංශ විසින් හොයාගන්නේ මෙම පරීක්ෂණ අතරතුරය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගන්නා මිහින් ලංකා ගුවන් යානයකට මීගමුවේ නිවසක සැගවූ ගුවන් යානා නාශක මිසයිලයකින් පහරදී ඝාතනය කිරීමට කරන කතාබහක් එම හඩපටයේ ඇති බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව මාධ්‍යයේ පළවිය. එම හඩ පටය බව දැක්වෙන හඩපටයක් සමාජජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. පහතින් දැක්වෙන්නේ එම හඩපටයයි.
ප්‍රදීප් රංජිත් හෙවත් එක්නැලිගොඩ නැමැති සිංහල කොටියා ජනපතිවරයා ඇතුළු 200ක පිරිසක් ඝාතනය කර එකී ඝාතනයට එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා හෝ ඇමති චම්පික රණවක පැටලවීමට සැළසුම් කරන අයුරු එහි දැක්වේ. මෙය අතිශයින් භයානක සැලසුමකි. මන්ද මන්ද මෙහිදී සිදු කෙරෙන්නේ රටට සාමය ගෙන දීමට කටයුතු කළා වූ දේශපාලන නායකත්වය සහ යුද නායකත්වය එකවර වනසා දැමීමට කරනු ලබන කුමන්ත්‍රණයක් වන නිසාය. මෙමගින් ඔහු එකවර රජ කුරුල්ලන් කිහිප දෙනෙකුගේම ගෙල සිදලිමේ කර්තව්‍යක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
දැන් සියල්ල හෙළි වී ඇත. එක්නැලිගොඩ රටින් පැනයාමේ උච්චතම අවස්තාව ලෙස මෙම හඬපටය හදුන්වා දිය හැක. බුරුව කුට්ටමේ තුරුම්බු කොළ සොයා ගහපු බුරුවන්ට හාරත පොරව පාරක් වැදී ඇත. දැන් ඉතින් තුරුම්බු සොයා පලක් නොමැත. සියලු තුරුම්බු පිටියේය.
එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම
එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම(අහන්න)
මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්” මෙහෙයුමට අදාළව මාධ්‍යවේදීයෙකු ලෙස බෙදුම්වාදීන් හදුන්වා දෙන පාඨ්ළී චම්පික විසින් අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ නැමති කොටි ත්‍රස්තවාදීයා කල දුරකතන සංවාදයක් මේ වන විට ලැබී තිබේ.
ඉදිරියේදි, එක්නැලිගොඩ මංගල සමරවිර සමග සහ වෙබ් මාෆියාවේ පියවරුන් ලෙස හදුන්වා ගන්නා කණ්ඩායම් සමග කල සංවාද බලාපොරොත්තු වන්න
පහල කොටස ඊතලය නිවුස් මගින් උපුටා ගැන්මකි…
ප්රේගීත් එක්නැලිගොඩ පිළිබඳ මේ වන විට කාලයක පටන් විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත. එක් පසෙකින් එය නීතියේ ආධිපත්යබ පසිඳලන බවට සමාජයට පසක් කරන මාතෘකාවක් වන විට තවත් පිරිසකට එක්නැලිගොඩ යනු අරහං මාතෘකාවක් බවට පත්වී ඇත.
ඇත්තටම මේ ප්රගගීත් එක්නැගිගොඩ යනු කවරෙක්ද ? සහ ඔහු මේ වන විට ජීවමානව පෙනී නොසිටියත් මේ සමාජයේ මේ තාක් ඔහු වෙනුවෙන් උනන්දු වන්නේ ඇයි ? යන කරුණු ගත් කල, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්රිගීත් එක්නැලිගොඩ නැමති මාධ්යෙඇව්දියා හෙවත් කාටුන් ශිල්පියා මේ වන විට අතුරුදහන් වි ඇති බවයි.
ජාත්යමන්තර වශයෙන් එසේ කියද්දී ඩේලි මිරර් පත්රහයේ කතුවරයා වන සඳුන් ජයසේකර පවසන්නේ ප්රේගිත් එක්නැගිලොඩ මාධ්යෙ ව්දියෙකු නොවන බවයි.
සඳුන් ජයසේකර මාධ්යෙවව්දියෙකු සහ කතුවරයෙකු ලෙස දේශපාලනික, සාමාජීය හැලහැප්පීම් මැද අවුරුදු 30 ක ලද පලපුරුදු අත්දැකිම් ඇති අයෙකු වන අතර ඔහු ප්රපශ්න කර සිටින්නේ ප්ර ගීත් එක්නැලිගොඩ මාධ්යෙජව්දීයෙකු වූයේ කෙසේද යන්නයි.
ප්ර්ගීත් එක්නැගිලොඩ කිසිදු දිනක පුවත් කතෘකෙනෙකු ලෙස කටයුතු කර නොමැති බවත් කිසිදු දිනක රූපවාහිනී වැඩසටහනක් හෝ අවම වශයෙන් මාධ්යක සාකච්ඡාවකට හෝ සහභාගී වී නොමැති බව ඔහු පවසයි.
එසේම මෙම එක්නැලිගොඩ යන නාමය අද පමණක් නොව ඈත අතීතයේද බොහෝ කතාබහට ලක්වූ නාමයකි. එකල උඩරට බ්රිඅතාන්ය යන්ට ගැතිකම් කල කලු සුද්දන්ගේ අතකොළුවක් බවට මෙම එක්නැලිගොඩලා පත්වී තිබින. ප්රෞැඩ ඉතිහායක් ශ්රී ලංකාවේ අවසන් රජු වූ ශ්රීත වික්රතම රාජසිංහ රජුව පරදේශක්කාරයන්ට අල්ලා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මෙම එක්නැගිගොඩලාය. 1815 පෙබරවාරි 18 වැනිදා මෙරට අවුරුදු 2357 ක රාජ්යට ඉතිහාස ගත නීති වෙනස් කර බ්රි ත්යාකනයන්ගේ යටත් පාලකයන් බවට පත්වීමේ අභාග්ය්සම්පන්න ඉරණමට මේ රට පත් කිරීමට මෙම එක්නැලිගොඩලා උරදී කටයුතු කල පුද්ගලයන්ය.
එසේම ශ්රී වික්රමම රාජසිංහ රජුගේ ආරක්ෂාවට සිටි උඩුපිටයි ආරච්චිව පවා මරා දැමූ බවට එකල එක්නැලිගොඩලා විශාල ප්ර්සිද්ධියකට පත්ව සිටි අය වේ.
එක්නැලිගොඩ නිලමේ සහ පිරිස රජු සැඟව සිටි නිවස වටලා රජු සහ රැජිණිය වූ වෙන්කති රන්ගම්මාල් එළියට ඇද දමා රජු සහ රැජිණ සතු වටිනා ආභරණ සහ පැළඳ සිටි දෑ පැහැර ගන්නා ලදී. ඉන් පසුව රජුව නිරුවතින් බැඳ දැමුවේ ඌරන් රැගෙන යන්නා සේ තිරස් පොල්ලකය.
රජු අල්ලා බ්රි්තාන්ය යන්ට බාරදුන් පසු පරදේශක්කාරයින් ඉදිරිපිටදිම රජුට අතින් පයින් පහරදීමට මෙම එක්නැලිගොඩ නිලමේ එදා පසුබට වූයේ නැත. එපමණක් නොව ලේ වගුරවමින් රැජිණගේ දෙකන් ඉරා කරාබුද කඩා රජුව බැඳ බ්රියතාන්යකන්ට බාර දුන්නේ ඉතාම උජාරුවෙනි.
Eknaligoda with Umberella (the man who betrayed the nation,kicked the king nad handed him over to the britsh)
ඒ එදා එක්නැගිලොඩලාය, එනම් එදා පටන් අද වන තුරු එක්නැලිගොඩලා ගේ ගති පැවතුම් ජානමය වශයෙන් පැවතගෙන එන බව අරුමක් නොවනු ඇත.
මේ කරුණු පදනම් කරගනිමින් සඳුන් ජයසේකර මෙවැනි ආකාරයෙන් ප්රැශ්ණ කරයි
1. ප්රකගීත් එක්නැලිගොඩව මාධ්යෙමව්දියෙකු බවට පත් කලේ කවුද?
2. ප්රකගීත් එක්නැලිගොඩ මාධ්යයවේදියෙකු නොවේ නම් ඔහුව මාධ්යෙදව්දියෙකු බවට හැඳින්වූයේ ඇයි?
3. ප්රකගීත් එක්නැලිගොඩ මාධ්යයවේදියෙකු නොවේ නම් ඔහු කවරෙක්ද? එසේ නම් ඔහු සේවය කලේ කා වෙනුවෙන්ද?, ඔහුට යැපීමට ආධාර උපකාර කලේ කවුද?
4. ඔහු සේවය කල පුවත්පතක් හෝ ඔහු කාටුන් චිත්රය ඇඳ පල වූ පුවත් පතක් නම් කල හැකිද?
5. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත එක්නැලිගොඩ මාධ්යෙිව්දියෙකු බවට පැමිණිලි කලේ කවුද? සහ ඔවුන්ට ඒ පිළිබඳ ක්රි යාත්මක වීමට ඇති යාන්ත්රඩණය කුමක්ද?
6. වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ යුධ කාල වකවානුව තුල සිදුවූ සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත පැහැදිලි කරුණු අනාවරණ කර ඇති නමුත් ඒ සඳහා මෙතරම් ප්රනසිද්ධියකට පත් කර නොමැත.
7. මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කර ඇත්තේ ඒ ප්ර ගීත් එක්නැලිගොඩ නැමති මාධ්යෙ ව්දියා පදනම් කරගෙන නගන ලද චෝදනා සම්බන්ධයෙනි.
8. මේ සියළු කරුණු පදනම් කර ගනිමින් ප්රගීත් එක්නැලිගොඩ සත්යිවශයෙන්ම කවරෙක්ද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව උදාවී ඇත.
වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර ශ්‍රීලංකා හමුදාව රසායනික අවි භාවිතා කල බවට ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පැවැත්වූවාලු, ඒ පිළිබඳ වාර්තාකරනය කලාලු, නමුත් මේ වන තෙක් ජාත්‍යන්තරයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රීලංකා හමුදාවන්ට රසායනික් අවි භාවිතා කල බවට චෝදනා එල්ලවී නොමැත.
“උ/නැගෙනහිර එක්කරනවා-විග්නේෂ්වරන් හෙළිකරයි
“උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් පාලනයකට ඉන්දියාවෙන් සහාය ඉල්ලුවා” – විග්නේෂ්වරන් හෙළිකරයි
උතුරු නැගෙනහිර පළාත් දෙක සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට මැදිහත් වන මෙන් තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ආපසු පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම පිණිස යාපනයේදී පැවති උත්සවයකදීය.
දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වූ ආකාර විස්තර කළ ප්‍රධාන අමාත්‍යවරයා මේ අවස්ථාවේදීද ඉන්දියාව මීට මැදිහත්වන බව තමන් විශ්වාස කරන බවද කියා සිටියේය.
ශ්‍රී ලංකා රජය එදා දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම මත බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසී ය.
එහි ප්‍රතිපලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පලාත් සභා දෙකක් ලැබී ඇති බවද සදහන් කළේය.
යුද්ධය හමාරවීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටින බව පවසන විග්නේ‍්ෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බව ඉන්දියාව තේරුම් ගෙන ඇතැයිද කියා සිටියේය.
දිනසේන රතුගමගේ – වවුනියාව
ඒදා කොටි කොඩිය පෑගු එඩිතර "ජයන්ත"
උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට විනාශ කරන්න සද්න බැහැයි කියමින් උතුරු පළාත් සභා ජාතික නිදහස් පෙරමුණ මංති ජයන්ත විජේසකර මහතා සිය පළාත් සභා මේසය මත සිටගෙන විරෝධය පළ කරහ.පසුව කල් තැබු පළාත් සභාව අවසානයේ ඔහු මෙසේ සදහන් කර සිටියේය..
තුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නොකල යුතු බවත් එසේ කලහොත් එය ජාතීන් අතර බෙදීම හා ජාතිවාදය ඇතිවීමට මග පෑදීමක්ද වන බව ඔහු කියා සිටියේය.
කොටි ත‍්‍රස්තවාදය පැවති කාලයේදී ත‍්‍රිකුණාමයේ පැවති රජ්‍ය උත්සවයක ඔසවා තිබූ ඊළාම් කොඩිය බිම දමා පාගන්නට තරම් ධෛර්යක් මොහු සතුව එදාද තිබුනේය.
Subscribe to:
Posts (Atom)