වැඩ් විස්තර සදහා පහත Link එකට යන්න..
Thursday, March 3, 2016
පානදුර නන්ගි මනාලියක් වේ...
Wednesday, March 2, 2016
Tuesday, March 1, 2016
මාධ්‍යවේදීන්ට පොන්නයා කියා බනින උසස් අමාත්‍ය
කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් 'අද' පුවත්පත ඊයේ (29දා) විමසා සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයෙකුට එවැනි ඉල්ලීමක් කිරීමට බලය තිබෙන බවත්, ලිපියක් යැවීමට නොහැකි නම් ඇමතිවරයෙකුගෙන් පලක් නොවන බවත් අපහාසාත්මක සහ අශීලාචාර වචනයෙන් බැණ වදිමින් ප්‍රකාශ කළේය.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ පෙබරවාරි 08 වැනිදා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සන සහිතව යොමුකර තිබූ මෙම ලිපියේ නිවැරදිතාව පිළිබඳව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයාගෙන් පෙරේදා (28) දිනයේදී විමසීමක් කිරීමේදී ඔහු සඳහන් කළේ මෙම ලිපියේ කිරිඇල්ල මහතාගේ නිල මුද්‍රාව සඳහන්ව නැති බැවින් එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් විය හැකි බවයි.
ඊයේ දිනයේදී ඒ පිළිබඳව ඇමතිවරයාගේ අවධානයට යොමු කරවන බවට මාධ්‍ය ලේකම්වරයා පෙරදින සඳහන් කළ බැවින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් මෙම ලිපියෙ සත්‍ය තත්ත්වය පිළිබඳව අපි විමසා සිටියෙමු.
එහිදී ඇමතිවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.
“ඒකේ තියෙන්නේ 'සුදුසුකම් පරීක්ෂා කර බලා' කියලනේ. ඇමතිවරයෙකුට බලය නැත්නම් ඉතිං ලියුමක් ලියන්න. විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයාට බලය තියෙනවා විශ්වවිද්‍යාලවලට නිර්දේශ නිකුත් කරන්න. අපි ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි)ද? ඔයා හිතන්නේ ඇමතිවරු කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) කියලද? මම කියලා තියෙන්නේ සුදුසුකම් පරීක්ෂාකර බලා අවශ්‍ය දේ කරන්න කියලයි. ඔයා ඒ කෑල්ල දැක්කේ නැද්ද? අයිසේ මේ මම කියන්නේ ඇමතිවරයා කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) නෙමේ.
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? තමුසෙලා පනතක්වත් කියවලා නෑ තමුසෙලා නිකන් මේ කොනක් අල්ලගෙන. ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල පනත කියවනවා. ඇමතිවරයාට නියෝග නිකුත් කරන්න බලතල ඒකේ තියෙනවා. 'සුදුසුකම් පරීක්ෂා කර බලා..' තමුසෙලා විශ්වවිද්‍යාල පනත කියවනවා ඕයි ඉස්සෙල්ලා. යහපාලන ආණ්ඩුව ආවට අපි මේ බලතල පාවිච්චි කළේ නෑ. ඒකයි වැරැද්ද. ගිය ආණ්ඩුව කාලේ ඒ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කළා. අපි කිසිම බලතලයක් පාවිච්චි කරලා නෑ.
නිර්දේශ නිකුත් කරන්න ඇමතිවරයාට බලය තියෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) වගේ මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලන්නේ හිටියේ. මහින්දගේ කාලේ අර කැළණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම සුනන්ද මද්දුම බණ්ඩාර (උපකුලපති මහාචාර්යය සුනන්ද මද්දුම බණ්ඩාර) මෛත්‍රීපාලට එරෙහිව කතා කළා ටී.වී. එකේ. ඒත් අපි ඒ අයට ඉන්න හැරියා. අපි ඒ අයව අයින් කළේ නෑ.
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? ඔයා විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? අයිසේ මේ තමුසෙලා අපෙන් ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා තමුසෙලා පනත කියවලා ඇමතිවරයාගේ බලතල මොනවද කියලා බලනවා. තමුසේ විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? තමුසෙලා මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන හිටියට තමුසෙලා මාධ්‍යවේදීන්ද? විශ්ව විද්‍යාල පනත කියවලා මට කතාකරන්න ඕන.
තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ හෙඩ්ලයින් බලාගෙන වැඩ කරන අය. ඔයා මගේ බලතල ගැන අහන්න ඔයා විශ්වවිද්‍යාල පනත කියවන්න ඕන. තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ ඕයි. තමුසෙලා නිකන් මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන ඉන්න එවුන්. ඉස්සෙලා මගේ බලතල කියවන්න. විශ්වවිද්‍යාලවලට නියෝග දෙන්න මට පනතේ බලතල තියෙනවා. හැබැයි මම තදින්ම බලතල පාවිච්චි කරලා නෑ. මම කියන්නේ සුදුසුකම් පරීක්ෂා කර බලා... ඔයාට තේරෙන්නේ නැද්ද"
පසුව ඊයේ (29) දිනයේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ විශ්ව විද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්ව විද්‍යාල සදහා නිර්දේශ ලබාදීමට ඇමතිවරයාට බලය තිබෙන බවයි. එසේම තමන් සඳහන් කර ඇත්තේ සුදුසුකම් සොයා බලා තාවකාලික කථිකාචාර්ය තනතුරක් ලබා දීමට බවද එහි සඳහන් වෙයි.
පොදුවේ තියෙන විධිවිධානයක් යම්කිසි කෙනෙකුට වාසි සහගත ලෙස භාවිත කරනවා කියන්නේ යහපාලනයට විරුද්ධයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා
ඇමතිවරයා සඳහන් කරන පරිදි 19 වැනි වගන්තියෙන් එවැනි දෙයක් පවසා නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. එසේම ඇමතිවරයා පනත අර්ථකථනය කිරීම හරහා ලිපියක් නිකුත් කරනවාට වැඩි වරදක් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා, “19 වැනි වගන්තියේ තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පොදු දිශානතිය සම්බන්ධයෙන් හා ඒ විශ්වවිද්‍යාල පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා වගකිවයුතුයි කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ නෑ විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය කටයුතුවලට මේ විදිහට සම්බන්ධ වෙන්න අයිතියක් තියෙනවා කියලා. නීතියේ වගන්තිවල තියෙන ප්‍රශ්නයක් තමයි ඒවා ඕන ඕන විදියට තමන්ට අවශ්‍ය විදියට අර්ථකථනය කරන්න පුළුවන්. එහෙම අර්ථකථනය කරන සිරිතක් නෑ. මේක පොදු වගන්තියක්. ඒකෙන් කියන්නෙ ඇමතිවරයාගේ වගකීම. නමුත් ඒකෙන් කියන්නෙ විශ්වවිද්‍යාල දෛනික කටයුතුවල වගකීම නෙමෙයි.
විශ්වවිද්‍යාල කටයුතු නිසි ලෙස සිදුවෙන්නේ නැත්නම්, ඒ විශ්වවිද්‍යාල කටයුතු නිසිලෙස බිඳවැටිලා නම් ඒ වගේ දෙයකදි ඇමතිවරයාගේ වගකීම තහවුරු කරන්න තමයි පොදු දිශානතිය තියෙන්නේ. එහෙම නැතිව එදිනෙදා වෙන පත්වීම් සම්බන්ධයෙන් වෙන දේ නෙමෙයි. මේවා අවභාවිත කරලා තමයි ඇමතිවරු කටයුතු කරන්නේ. අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් මැදිහත් වුණේ පළමු අවස්ථාවට.
අනධ්‍යයන කාර්යමණ්ඩලය බඳවාගනිද්දී ඇමතිවරයාගේ ලිස්ට් එකෙන් තමයි බඳවාගන්නේ. මම නම් කවදාවත් දැකලා නෑ මේ වගේ වගන්තියක් මේ වගේ ක්‍රියාවක් සාධාරණීකරණය කරගන්න භාවිත කරනවා. එතකොට ඒකෙන්ම පෙන්වනවා ඇමතිවරයා මේ කාර්යයට සුදුසු නෑ කියලා. පොදුවේ තියෙන විධිවිධානයක් යම්කිසි කෙනෙකුට වාසි සහගත ලෙස භාවිත කරනවා කියන්නේ යහපාලනයට විරුද්ධයි. ඇමතිවරයා ලියුම නිකුත් කරලා කර තිබෙන වරදට වැඩි දෙයක් කරලා තියෙනවා මේ විදියට පනත අර්ථකථනය කිරීම මගින්" යනුවෙන්ද සඳහන් ක
Monday, February 29, 2016
එක්නැලිගොඩගේ ඉතිහාසය
මාතෘභූමිය පාවාදීම පුරපුරේ උරුමයක් කරගත් එක්නැලිගොඩලාගේ යටගියාව මෙන්
ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ මේ වන විට කාලයක පටන් විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත. එක් පසෙකින් එය නීතියේ ආධිපත්යබ පසිඳලන බවට සමාජයට පසක් කරන මාතෘකාවක් වන විට තවත් පිරිසකට එක්නැගිලොඩ යනු අරහං මාතෘකාවක් බවට පත්වී ඇත.
ඇත්තටම මේ ප්‍රගීත් එක්නැලිගොඩ යනු කවරෙක්ද ? සහ ඔහු මේ වන විට ජීවමානව පෙනී නොසිටියත් මේ සමාජයේ මේ තාක් ඔහු වෙනුවෙන් උනන්දු වන්නේ ඇයි ? යන කරුණු ගත් කල, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්රිගීත් එක්නැලිගොඩ නැමති මාධ්‍යවේදියා හෙවත් කාටුන් ශිල්පියා මේ වන විට අතුරුදහන් වි ඇති බවයි.
ජාත්‍යන්තර වශයෙන් එසේ කියද්දී ඩේලි මිරර් පත්‍රයේ කතුවරයා වන සඳුන් ජයසේකර පවසන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවන බවයි.
සඳුන් ජයසේකර මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු ලෙස දේශපාලනික, සාමාජීය හැලහැප්පීම් මැද අවුරුදු 30 ක ලද පලපුරුදු අත්දැකිම් ඇති අයෙකු වන අතර ඔහු ප්‍රශ්නකර සිටින්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු වූයේ කෙසේද යන්නයි.
ප්‍රගීත් එක්නැලිගොඩ කිසිදු දිනක පුවත් කතෘකෙනෙකු ලෙස කටයුතු කර නොමැති බවත් කිසිදු දිනක රූපවාහිනී වැඩසටහනක් හෝ අවම වශයෙන් මාධ්‍යයක සාකච්ඡාවකට හෝ සහභාගී වී නොමැති බව ඔහු පවසයි.
එසේම මෙම එක්නැලිගොඩ යන නාමය අද පමණක් නොව ඈත අතීතයේද බොහෝ කතාබහට ලක්වූ නාමයකි. එකල උඩරට බ්‍රිතාන්‍යයයන්ට ගැතිකම් කල කලු සුද්දන්ගේ අතකොළුවක් බවට මෙම එක්නැලිගොඩලා පත්වී තිබින.
සිංහලේ රාජ්‍යයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට අල්ලා දීමට මූලිකත්වය ගන්නේ එක්නැලිගොඩ නිලමේය. 1815 පෙබරවාරි 18 වැනිදා අවුරුදු රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන්ට අල්ලා දී වසර 2357ක් අවිඡින්නව අඛන්ඩව රැකගෙන ආ සිංහලේ රාජ්‍යයේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමේ අභාග්‍යසම්පන්න ඉරණමට මේ රට පත්කිරීමට මේ එක්නැලිගොඩලා උරදි කටයුතු කළ පුද්ගලයන්ය.
මැද මහනුවර ගල්ලැහැවත්තේ සැගවී රාජසිංහ රජු අල්ලාගත් කණ්ඩායම මෙහෙයවූයේ එක්නැලිගොඩය. එක්නැලිගොඩ නිලමේ සහ පිරිස රජු සැඟව සිටි නිවස වටලා රජු සහ රැජිණිය වූ වෙන්කති රන්ගම්මාල් එළියට ඇද දමා රජු සහ රැජිණ සතු වටිනා ආභරණ සහ පැළඳ සිටි දෑ පැහැර ගන්නා ලදී. ඉන් පසුව රජුව නිරුවතින් බැඳ දැමුවේ ඌරන් රැගෙන යන්නා සේ තිරස් පොල්ලකය.රජුගේ ආරක්ෂාවට සිටි උඩුපිටි ආරච්චිව සියතින්ම මරා දැමූ මෙම ද්‍රෝහියා රජු අල්ලාගෙන බ්‍රිතාන්‍යයන්ට භාරදුන් පසුත් ඔවුන් ඉදිරිපිටම රජුට අතින් පයින් පහරදීමට තරම් නරුමයෙකු විය. එපමණක් නොව ලේ වගුරවමින් රැජිණගේ දෙකන් ඉරා කරාබුද කඩා රජුව බැඳ බ්‍රිතාන්‍යයන්ට බාර දුන්නේ ඉතාම උජාරුවෙනි.
ඉංග්‍රීසීන්ට කළ සේවය අගයා මඩවල, මැද්දේගම ගම් සහිතව සතර කෝරළයේ මඩිහේ මුහන්දිරම් තනතුරින්ද එක්නැලිගොඩ පිදුම් ලැබීය. සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ට පාවාදීමෙන් නොනැවතුණු එක්නැලිගොඩ 1818 උඩරට මහ කැරැල්ලේදී ඉංග්‍රීසීන් වෙනුවේන් සේවය කරමින් ඌවේ වැසියන්ට හිරිහැර කරමින්, ගේවල් ගිනි තබනවා පමණක් නොව හිතූ මනාපයට ස්වදේශික වැසියන් මරා දැමීමට පවා කටයුතු කළහ. මේ සේවය වෙනුවෙන් 1829 ජනවාරි 29 ප්‍රකාශ පත්‍රයෙන් ආණ්ඩුකාර රොබර් බ්‍රවුන්රිග් සබරගමුවේ හිරමඩගම ගම්වරයද එක්නැළිගොඩට පිරිනමා ඇත.
ඉතිහාසය එපරිදිය. ඒ එදා එක්නැලිගොඩලාය, එනම් එදා පටන් අද වන තුරු එක්නැලිගොඩලා ගේ ගති පැවතුම් ජානමය වශයෙන් පැවතගෙන එන බව අරුමයක් නොවනු ඇත.
මේ කරුණු පදනම් කරගනිමින් සඳුන් ජයසේකර මෙවැනි ආකාරයෙන් ප්‍රශ්න කරයි.
1. ප්‍රගීත් එක්නැලිගොඩව මාධ්‍යවේදියෙකු බවට පත් කලේ කවුද?
2. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවේ නම් ඔහුව මාධ්‍යවේදියෙකු බවට හැඳින්වූයේ ඇයි?
3. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවේ නම් ඔහු කවරෙක්ද? එසේ නම් ඔහු සේවය කලේ කා වෙනුවෙන්ද?, ඔහුට යැපීමට ආධාර උපකාර කලේ කවුද?
4. ඔහු සේවය කල පුවත්පතක් හෝ ඔහු කාටුන් චිත්රය ඇඳ පල වූ පුවත් පතක් නම් කල හැකිද?
5. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු බවට පැමිණිලි කලේ කවුද? සහ ඔවුන්ට ඒ පිළිබඳ ක්‍රියාත්මක විමට ඇති යාන්ත්‍රණය කුමක්ද?
6. වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ යුධ කාල වකවානුව තුල සිදුවූ සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත පැහැදිලි කරුණු අනාවරණ කර ඇති නමුත් ඒ සඳහා මෙතරම් ප්‍රසිද්ධියකට පත් කර නොමැත.
7. මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කර ඇත්තේ ඒ ප්‍රගීත් එක්නැලිගොඩ නැමති මාධ්‍යවේදියා පදනම් කරගෙන නගන ලද චෝදනා සම්බන්ධයෙනි.
8. මේ සියළු කරුණු පදනම් කර ගනිමින් ප්රගීත් එක්නැලිගොඩ සත්‍යවශයෙන්ම කවරෙක්ද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව උදාවී ඇත.
වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර ශ්‍රීලංකා හමුදාව රසායනික අවි භාවිතා කල බවට ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පැවැත්වූවාලු, ඒ පිළිබඳ වාර්තාකරණය කලාලු, නමුත් මේ වන තෙක් ජාත්‍යන්තරයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රීලංකා හමුදාවන්ට රසායනික් අවි භාවිතා කල බවට චෝදනා එල්ලවී නොමැත. පසුගිය අගෝස්තුවේදී රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් ජිනීවා නුවරට ගිය එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍ය එක්නැලිගොඩ නමැත්තිය රජයේ හමුදාව රසායනික අවි භාවිතා කරමින් දමිළ වැසියන් සමූල ඝාතනය කළ බව ප්‍රකාශ කළාය. මෙය රාජ්‍ය ද්‍රෝහී සාවද්‍ය ප්‍රකාශයකි. නමුත් ඇයට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත.
එක්නැලිගොඩගේ LTTE සබදතා
LTTE බුද්ධි අංශ සාමාජිකයෙකු වූ තවෙන්ද්‍රන් සමග ගනුදෙනු කල ප්‍රගීත් එක්නැලිගොඩ පෙනී සිටියේ “ප්‍රදීප් රන්ජිත්” යන අන්වර්ථ නාමයෙනි. තවෙන්ද්‍රන් යුද හමුදාවට බාර වීමෙන් පසුව හමුදා බුද්ධි අංශයේ ඔත්තු කරුවකු ලෙස කටයුතු කළ අතර ඒ බව නොදැන ප්‍රගීත් නොහොත් රන්ජිත් තවෙන්ද්‍රන් සමග දිගු කලක් කටයුතු කර ඇත.එමගින් 2009 පසු LTTE රහස් බොහොමයක් හා පුද්ගලයින් රැසක් හඳුනා ගැනීමට හමුදා බුද්ධි අංශ සමත් වී ඇත. අවසානයේදී මේ බව දැනගත් එක්නැලිගොඩ ව්‍යාජ නාමයකින්, ව්‍යාජ ගමන් බලපත්‍රයක් සාදාගෙන රටින් පිටව ගොස් ඇති බවට සැක පල කෙරේ.
බුද්ධි අංශ සතු එක්නැලිගොඩගේ රහස් හඩපට
ප්‍රදීප් රංජිත් නමැත්තා කොටි සංවිධානයෙන් මාසිකව ලද වැටුපකට සේවය කර ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර කොළඹදී සිදු කරන ලද බොහෝ කොටි ක්‍රියාකාරකම් වලට ඔහුගේ සහය ලැබී ඇත. ප්‍රදීප් රංජිත් නොහොත් ප්‍රගීත් එක්නැලිගොඩ කොටි බුද්ධි අංශ සාමාජික තවෙන්ද්‍රන් සමග ප්‍රභූ ඝාතනයක් සදහා සැළසුම් කරන රහස් හඩපටයක් බුද්ධි අංශ විසින් හොයාගන්නේ මෙම පරීක්ෂණ අතරතුරය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගන්නා මිහින් ලංකා ගුවන් යානයකට මීගමුවේ නිවසක සැගවූ ගුවන් යානා නාශක මිසයිලයකින් පහරදී ඝාතනය කිරීමට කරන කතාබහක් එම හඩපටයේ ඇති බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව මාධ්‍යයේ පළවිය. එම හඩ පටය බව දැක්වෙන හඩපටයක් සමාජජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. පහතින් දැක්වෙන්නේ එම හඩපටයයි.
ප්‍රදීප් රංජිත් හෙවත් එක්නැලිගොඩ නැමැති සිංහල කොටියා ජනපතිවරයා ඇතුළු 200ක පිරිසක් ඝාතනය කර එකී ඝාතනයට එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා හෝ ඇමති චම්පික රණවක පැටලවීමට සැළසුම් කරන අයුරු එහි දැක්වේ. මෙය අතිශයින් භයානක සැලසුමකි. මන්ද මන්ද මෙහිදී සිදු කෙරෙන්නේ රටට සාමය ගෙන දීමට කටයුතු කළා වූ දේශපාලන නායකත්වය සහ යුද නායකත්වය එකවර වනසා දැමීමට කරනු ලබන කුමන්ත්‍රණයක් වන නිසාය. මෙමගින් ඔහු එකවර රජ කුරුල්ලන් කිහිප දෙනෙකුගේම ගෙල සිදලිමේ කර්තව්‍යක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
දැන් සියල්ල හෙළි වී ඇත. එක්නැලිගොඩ රටින් පැනයාමේ උච්චතම අවස්තාව ලෙස මෙම හඬපටය හදුන්වා දිය හැක. බුරුව කුට්ටමේ තුරුම්බු කොළ සොයා ගහපු බුරුවන්ට හාරත පොරව පාරක් වැදී ඇත. දැන් ඉතින් තුරුම්බු සොයා පලක් නොමැත. සියලු තුරුම්බු පිටියේය.
එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම
එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම(අහන්න)
මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්” මෙහෙයුමට අදාළව මාධ්‍යවේදීයෙකු ලෙස බෙදුම්වාදීන් හදුන්වා දෙන පාඨ්ළී චම්පික විසින් අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ නැමති කොටි ත්‍රස්තවාදීයා කල දුරකතන සංවාදයක් මේ වන විට ලැබී තිබේ.
ඉදිරියේදි, එක්නැලිගොඩ මංගල සමරවිර සමග සහ වෙබ් මාෆියාවේ පියවරුන් ලෙස හදුන්වා ගන්නා කණ්ඩායම් සමග කල සංවාද බලාපොරොත්තු වන්න
පහල කොටස ඊතලය නිවුස් මගින් උපුටා ගැන්මකි…
ප්රේගීත් එක්නැලිගොඩ පිළිබඳ මේ වන විට කාලයක පටන් විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත. එක් පසෙකින් එය නීතියේ ආධිපත්යබ පසිඳලන බවට සමාජයට පසක් කරන මාතෘකාවක් වන විට තවත් පිරිසකට එක්නැලිගොඩ යනු අරහං මාතෘකාවක් බවට පත්වී ඇත.
ඇත්තටම මේ ප්රගගීත් එක්නැගිගොඩ යනු කවරෙක්ද ? සහ ඔහු මේ වන විට ජීවමානව පෙනී නොසිටියත් මේ සමාජයේ මේ තාක් ඔහු වෙනුවෙන් උනන්දු වන්නේ ඇයි ? යන කරුණු ගත් කල, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්රිගීත් එක්නැලිගොඩ නැමති මාධ්යෙඇව්දියා හෙවත් කාටුන් ශිල්පියා මේ වන විට අතුරුදහන් වි ඇති බවයි.
ජාත්යමන්තර වශයෙන් එසේ කියද්දී ඩේලි මිරර් පත්රහයේ කතුවරයා වන සඳුන් ජයසේකර පවසන්නේ ප්රේගිත් එක්නැගිලොඩ මාධ්යෙ ව්දියෙකු නොවන බවයි.
සඳුන් ජයසේකර මාධ්යෙවව්දියෙකු සහ කතුවරයෙකු ලෙස දේශපාලනික, සාමාජීය හැලහැප්පීම් මැද අවුරුදු 30 ක ලද පලපුරුදු අත්දැකිම් ඇති අයෙකු වන අතර ඔහු ප්රපශ්න කර සිටින්නේ ප්ර ගීත් එක්නැලිගොඩ මාධ්යෙජව්දීයෙකු වූයේ කෙසේද යන්නයි.
ප්ර්ගීත් එක්නැගිලොඩ කිසිදු දිනක පුවත් කතෘකෙනෙකු ලෙස කටයුතු කර නොමැති බවත් කිසිදු දිනක රූපවාහිනී වැඩසටහනක් හෝ අවම වශයෙන් මාධ්යක සාකච්ඡාවකට හෝ සහභාගී වී නොමැති බව ඔහු පවසයි.
එසේම මෙම එක්නැලිගොඩ යන නාමය අද පමණක් නොව ඈත අතීතයේද බොහෝ කතාබහට ලක්වූ නාමයකි. එකල උඩරට බ්රිඅතාන්ය යන්ට ගැතිකම් කල කලු සුද්දන්ගේ අතකොළුවක් බවට මෙම එක්නැලිගොඩලා පත්වී තිබින. ප්රෞැඩ ඉතිහායක් ශ්රී ලංකාවේ අවසන් රජු වූ ශ්රීත වික්රතම රාජසිංහ රජුව පරදේශක්කාරයන්ට අල්ලා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මෙම එක්නැගිගොඩලාය. 1815 පෙබරවාරි 18 වැනිදා මෙරට අවුරුදු 2357 ක රාජ්යට ඉතිහාස ගත නීති වෙනස් කර බ්රි ත්යාකනයන්ගේ යටත් පාලකයන් බවට පත්වීමේ අභාග්ය්සම්පන්න ඉරණමට මේ රට පත් කිරීමට මෙම එක්නැලිගොඩලා උරදී කටයුතු කල පුද්ගලයන්ය.
එසේම ශ්රී වික්රමම රාජසිංහ රජුගේ ආරක්ෂාවට සිටි උඩුපිටයි ආරච්චිව පවා මරා දැමූ බවට එකල එක්නැලිගොඩලා විශාල ප්ර්සිද්ධියකට පත්ව සිටි අය වේ.
එක්නැලිගොඩ නිලමේ සහ පිරිස රජු සැඟව සිටි නිවස වටලා රජු සහ රැජිණිය වූ වෙන්කති රන්ගම්මාල් එළියට ඇද දමා රජු සහ රැජිණ සතු වටිනා ආභරණ සහ පැළඳ සිටි දෑ පැහැර ගන්නා ලදී. ඉන් පසුව රජුව නිරුවතින් බැඳ දැමුවේ ඌරන් රැගෙන යන්නා සේ තිරස් පොල්ලකය.
රජු අල්ලා බ්රි්තාන්ය යන්ට බාරදුන් පසු පරදේශක්කාරයින් ඉදිරිපිටදිම රජුට අතින් පයින් පහරදීමට මෙම එක්නැලිගොඩ නිලමේ එදා පසුබට වූයේ නැත. එපමණක් නොව ලේ වගුරවමින් රැජිණගේ දෙකන් ඉරා කරාබුද කඩා රජුව බැඳ බ්රියතාන්යකන්ට බාර දුන්නේ ඉතාම උජාරුවෙනි.
Eknaligoda with Umberella (the man who betrayed the nation,kicked the king nad handed him over to the britsh)
ඒ එදා එක්නැගිලොඩලාය, එනම් එදා පටන් අද වන තුරු එක්නැලිගොඩලා ගේ ගති පැවතුම් ජානමය වශයෙන් පැවතගෙන එන බව අරුමක් නොවනු ඇත.
මේ කරුණු පදනම් කරගනිමින් සඳුන් ජයසේකර මෙවැනි ආකාරයෙන් ප්රැශ්ණ කරයි
1. ප්රකගීත් එක්නැලිගොඩව මාධ්යෙමව්දියෙකු බවට පත් කලේ කවුද?
2. ප්රකගීත් එක්නැලිගොඩ මාධ්යයවේදියෙකු නොවේ නම් ඔහුව මාධ්යෙදව්දියෙකු බවට හැඳින්වූයේ ඇයි?
3. ප්රකගීත් එක්නැලිගොඩ මාධ්යයවේදියෙකු නොවේ නම් ඔහු කවරෙක්ද? එසේ නම් ඔහු සේවය කලේ කා වෙනුවෙන්ද?, ඔහුට යැපීමට ආධාර උපකාර කලේ කවුද?
4. ඔහු සේවය කල පුවත්පතක් හෝ ඔහු කාටුන් චිත්රය ඇඳ පල වූ පුවත් පතක් නම් කල හැකිද?
5. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත එක්නැලිගොඩ මාධ්යෙිව්දියෙකු බවට පැමිණිලි කලේ කවුද? සහ ඔවුන්ට ඒ පිළිබඳ ක්රි යාත්මක වීමට ඇති යාන්ත්රඩණය කුමක්ද?
6. වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ යුධ කාල වකවානුව තුල සිදුවූ සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත පැහැදිලි කරුණු අනාවරණ කර ඇති නමුත් ඒ සඳහා මෙතරම් ප්රනසිද්ධියකට පත් කර නොමැත.
7. මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කර ඇත්තේ ඒ ප්ර ගීත් එක්නැලිගොඩ නැමති මාධ්යෙ ව්දියා පදනම් කරගෙන නගන ලද චෝදනා සම්බන්ධයෙනි.
8. මේ සියළු කරුණු පදනම් කර ගනිමින් ප්රගීත් එක්නැලිගොඩ සත්යිවශයෙන්ම කවරෙක්ද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව උදාවී ඇත.
වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර ශ්‍රීලංකා හමුදාව රසායනික අවි භාවිතා කල බවට ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පැවැත්වූවාලු, ඒ පිළිබඳ වාර්තාකරනය කලාලු, නමුත් මේ වන තෙක් ජාත්‍යන්තරයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රීලංකා හමුදාවන්ට රසායනික් අවි භාවිතා කල බවට චෝදනා එල්ලවී නොමැත.
“උ/නැගෙනහිර එක්කරනවා-විග්නේෂ්වරන් හෙළිකරයි
“උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් පාලනයකට ඉන්දියාවෙන් සහාය ඉල්ලුවා” – විග්නේෂ්වරන් හෙළිකරයි
උතුරු නැගෙනහිර පළාත් දෙක සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට මැදිහත් වන මෙන් තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ආපසු පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම පිණිස යාපනයේදී පැවති උත්සවයකදීය.
දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වූ ආකාර විස්තර කළ ප්‍රධාන අමාත්‍යවරයා මේ අවස්ථාවේදීද ඉන්දියාව මීට මැදිහත්වන බව තමන් විශ්වාස කරන බවද කියා සිටියේය.
ශ්‍රී ලංකා රජය එදා දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම මත බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසී ය.
එහි ප්‍රතිපලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පලාත් සභා දෙකක් ලැබී ඇති බවද සදහන් කළේය.
යුද්ධය හමාරවීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටින බව පවසන විග්නේ‍්ෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බව ඉන්දියාව තේරුම් ගෙන ඇතැයිද කියා සිටියේය.
දිනසේන රතුගමගේ – වවුනියාව
ඒදා කොටි කොඩිය පෑගු එඩිතර "ජයන්ත"
උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට විනාශ කරන්න සද්න බැහැයි කියමින් උතුරු පළාත් සභා ජාතික නිදහස් පෙරමුණ මංති ජයන්ත විජේසකර මහතා සිය පළාත් සභා මේසය මත සිටගෙන විරෝධය පළ කරහ.පසුව කල් තැබු පළාත් සභාව අවසානයේ ඔහු මෙසේ සදහන් කර සිටියේය..
තුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නොකල යුතු බවත් එසේ කලහොත් එය ජාතීන් අතර බෙදීම හා ජාතිවාදය ඇතිවීමට මග පෑදීමක්ද වන බව ඔහු කියා සිටියේය.
කොටි ත‍්‍රස්තවාදය පැවති කාලයේදී ත‍්‍රිකුණාමයේ පැවති රජ්‍ය උත්සවයක ඔසවා තිබූ ඊළාම් කොඩිය බිම දමා පාගන්නට තරම් ධෛර්යක් මොහු සතුව එදාද තිබුනේය.
Sunday, February 28, 2016
බෞද්ධ නසන හිමියෝ
ආන්ඩුවේ භික්ෂු දඩයම තවමත් ඉවර නැත. අත් අඩංගුවට ගන්නට තවත් භික්ෂුන් වහන්සේලා ලයිස්තුවේ සිටිති.
එයට හේතුව කුමක්ද.?
ආන්ඩුවේ මේ භික්ෂු දඩයමේ ඇරඹුම කොතැනද.?
එදා හෝමාගම උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම මෙසේ පන්න පන්නා අත් අඩංගුවට ගන්නට තරම් බරපතල කාරනයක්ද.?
මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරක් වන එක කතාවක් එලි කරන්නට දැන් කාලය හරිය.
එදා හෝමාගම උසාවියට පැමින ඥාණසාර හිමියන් ඇතිකල සිදුවීම හුදෙක් අහඹුවක්ද.?
නැත.
එය බොදු බල සේනාවේ ගිහි උපදේශකයෙකුගේ සැලැස්මකි.
"හාමුදුරුවනේ. . ඔබ වහන්සේ ගිහින් එතන කලබලයක් ඇති කරන්න. උසාවියට අපහාස කල වරදට ඔබවහන්සේව අතඩංගුවට ගනීවි. ඔබ වහන්සේ අත් අඩංගුවට ගන්න වෙලාවේදී උසාවිය ඉස්සරහ ලොකු කලබැගෑනියක් ඇති කරන්න හාමුදුරුවරු පොලඹවන්න. පුලුවන් උපරිම හාමුදුරුවරු සංඛ්‍යාවක් ඇතුලට යවන විදිහට වැඩ කෙරෙන්න ඕන. එතකොට සංඝාධිකරණය ගෙනෙයි.. ඔබ වහන්සේ අත් අඩංගුවට අරන් පැය විසි හතරෙන් ඇප ගන්නම්. ඒ ගැන මම ............. ඇමතිතුමා එක්ක කතා කරගෙන තියෙන්නෙ"
එකී ගිහි උපදේශකයා ඥාණසාර හිමියන්ට කීය.
ඔහුගේ ඒ සැලැස්ම ක්‍රියාත්මක විණ.
ඥාණසාර හිමි තවත් පිරිසක්ද සමග එදා උසාවියට පැමිණ අවශයව තිබූ ගැටුම නිර්මාණය කලහ. පසුදා වන විටම උන් වහන්සේ අත් අඩංගුවට ගන්නා නාටකයද ක්‍රියාත්මක විණ.
මෙය භික්ෂුන් වහන්සේලාට ඇටවූ මර උගුලක් බව දැන නොසිටි අනෙක් භික්ෂුන් වහන්සේලා ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට එරෙහිව සටන් වදින්නට හෝමාගම උසාවිය අසලට රැස්වූහ.
කතා කරගත් ලෙසින්ම ඥාණසාර හිමි අත් අඩංගුවට පත් විය. බොදු බල සේනාවේ මෙන්ම අනෙකුත් ජාතික සංවිධාන වල ඉදිරිපෙල භික්ෂුන් වහන්සේලා අත් අඩංගුවට ගන්නට අවශ්‍ය පසුබිමද ඒ හරහා නිර්මානය කරගන්නා ලදී. එදා ඒ උද්ගෝෂණයේ සිටි කෝලාහල කල මෙන්ම නොකල භික්ෂුන් වහන්සේලාද අත් අඩංගුවට ගන්නට නියමිත ලැයිස්තුවට ඇතුලත් විය.
එහෙත් කතා කරගත් ලෙසට ඥාණසාර හිමිට පැය විසි හතරෙන් ඇප ලැබුනේ නැත.
ඒ වෙනුවට හාමුදූරුවන්ව දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබන්නට කටයුතු කෙරිණ.
එසේ නම් අර කී ගිහි උපදේශකයා .......... ඇමතිතුමා සමග කතා කරගත් ගනුදෙනුවට සිදුවූයේ කුමක්ද.?
පසුව දැනගන්නට ලැබුන පරිදි ඒ ගිහි උපදේශකයා ගනුදෙනුව හෙවත් ඩීල් එක දමා තිබුනේ ඇමති වරයෙකු සමග නොවේ. කෙලින්ම රටේ ඉහලම තානාන්තරයක් දරන පුද්ගලයෙකු සමගය. එකී පුද්ගලයාගේ නම සදහන් නොකරමි. එහෙත් ඔහු කිසිම ජනවරමකින් තොරව පිනට ඒ පදවියට පත්වූ අයෙකි.
හරි විදිහට කීවොත් මේකත් මෙගා ඩීල් එකකි.
මේ ඩීල් එකට හේතු කාරනා කීපයකි.
1. එ.ජා. මානව හිමිකම් වාර්තාවේ එක් කරුණක් ලෙස මෙරට බෞද්ධ අන්තවාදයක් ගැන සදහන්ව ඇත. බෞද්ධ අන්තවාදින්ගේ හිංසා නිසා මෙරට සුලු ජාතිකයන්ට ජීවත් වෙන්නට අසීරු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව එහි සදහන්ව ඇත.
ඉහත කී හෝමාගම උසාවියේ සිදුවීම සිදු වන කාලවකවානුව තුල මෙරටට පැමිනි මානව හිමිකම් කුමාරයා සෙයිඩ් අල් හුසේන්ට පෙනෙන සේ මේ කියන බෞද්ධ අන්තවාදීන්ට දඩුවම් කර පෙන්වන්නට ආන්ඩුවට උවමනා වී තිබිණ
මෙසේ ජාතික සංවිධාන වල භික්ෂුන් තොග පිටින් හිර කිරීමෙන් ඒ කතාව යස අපූරුවට ගලපා ගන්නට ආන්ඩුවට හැකි විය.
2. දැනටමත් සූදානම් කරගෙන ඇති රට බෙදන, බුදු දහමට ප්‍රමුක තැන අහිමි කල ව්‍යවස්තාව කරලියට එන විට පාරට බැස හඬ නගන්නට සිටින භික්ෂුන් වහන්සේලා කල් තියාම මෙවැනි ප්‍රබල මර්ධනයකින් නිහඩ කොට තැබීම ආණ්ඩුවේ ඊලග අරමණය.
බෞද්ධ බලවේග යටපත් කරන්නට බලා සිටින පල්ලියේ සහ මුස්ලිම් අන්තවාදී බලවේග වල උවමනාවද කතෝලික පාලකයෙකු වන අර කී ප්‍රබල දේශපාලකයාට ලංකාවේ බෞද්ධ පදනම විනාස කරන්නට ඇති උවමනාවද මේ සමග වෙයි.
ඉතින් සිංහල බෞද්ධ අප ඉදිරියේ ඇති අභියෝගයද, එය කොතරම් අසීරු ගමනක්ද යන්න තේරුම් ගන්නටත්, මේ ගමන තුල කොතරම් දරුණු පාවා දීම් වනවාද යන්න තේරුම් ගන්නටත් කාලය එලඹ ඇත.

Saturday, February 27, 2016
බටලන්ද මිනිමරු රනිල්
බටලන්ද වධකාගාරයේ ප්‍රධාන සැකකරුවෙක් වූයේ කැළණිය කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් ලෙස කටයුතු කරමින් එයට නායකත්වය දුන් ඩග්ලස් පීරිස්ය. විභාගයෙන් අසමත්වීම හේතුවෙන් 1990 වනවිට පීරිස් සිටියේ ස්ථීර නොකල සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසය. ජේෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ විසින් 1989 නොවැම්බර් 25වැනිදා පොලිස් අධිකාරි තනතුරකට ඩග්ලස් පීරිස් උසස් කරන ලෙසට නිර්දේශ කරන ලදී. එයට හේතු ලෙස ලිපියේ දක්වා තිබුණේ ජවිපෙ දෙවනි කැරැල්ල පැවති කාලයේ එය ඉදිරියට යෑම වැලැක්වීමටත් කඩාකප්පල්කාරින් ඉවත්කොට දැමීමට වගකිවයුතු වන දේ සිදුකල යුතු බවය. ඩග්ලස් පිරිස්ට වැටුප් වර්ධක දෙකක් ලබාදෙන ලෙසට නිර්දේශය 1990 පෙබරවාරි 6වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමත විය. පත්විම 1988 ජුලි 20 වැනිදා සිට අතීතයට බලපවත්වන සේ ක්‍රියාත්මක විය. මෙම පත්වීමෙන් පොලිස් නිලධාරින් 130 දෙනෙකු ඉක්මවා ඔහු ජේෂ්ඨත්වයෙන් ඉහළ නැංගේය. පොලිස් සේවයේ එතෙක් සිදුකරන ලද දිගම දුර පැනීම එය විය.
මෙහිදී ඉවත්කොට දැමීම යනුවෙන් අදහස් කළේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමය. මෙම මනුෂ්‍ය ඝාතන හදුන්වනු ලැබුවේ 55එෆ්.එෆ් මරණ යනුවෙනි. අදාළ වචනයන්හි සාමාන්‍ය තේරුම නැතිකර දමනවා හෝ මරණයට පත්කිරීම බව ඩග්ලස් පීරිස් පිළිගත්තේය. ඉවත් කොට දැමීම යනු අධිකරණ ක්‍රමයෙන් බාහිරව කඩාකප්පල්කාරින් ඝාතනය කිරීම බව එවකට සිටි පොලිස්පති අර්නස්ට් එඩ්වඩ් පෙරේරා කොමිසමේදී පිළිගත්තේය. සිරුරු මත ටයර් දමා ගිනි තැබීම හැදින්වුයේ ටයර් සෑයවල් යන නමිනි. ඩග්ලස් පීරිස් හදිසියේම අතුරුදහන්ව කොමිසම ඉදිරියට පසුව ආවේ නැත. ඔහු තල්පාවිල විදාන කංකානම්ගේ විමලසේන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1996 ජුලි 20වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ස්විස්ලන්තයට පැන ගියේය. කොමිසම හමුවේ සාක්කි දීමට පොලිස් පරික්ෂක පී. නිශ්ශංක කැඳවීමට ටික වේලාවකට පෙර නිශ්ශංක තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය.
කොමිසන් වාර්තාවේ ප්‍රකට ලෙසින් හෙළිවන අය අතර සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, සපුගස්කන්ද පොලිස් ස්ථානයේ කාර්යභාර්ය නිලධාරි වශයෙන් කටයුතු කල පොලිස් පරික්ෂක කිර්ති අතපත්තු, කැළණිය පොලිස් කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරියේ නලීන් දෙල්ගොඩ, කැළණියේ පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති වූ මෙරිල් ගුණරත්න, කැළණිය පොලිස් කොට්ඨාශයේ කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ඒකකයේ කාර්යභාර නිළධාරි රංජිත් වික්‍රමසිංහද, බියගම ආසනය නියෝජනය කල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යෞවන කටයුතු සහ රැකිරක්ෂා ඇමති රනිල් වික්‍රමසිංහ විය.
නියෝජ්‍ය පොලිස්පති මෙරිල් පෙරේරාගේ සාක්ෂි අනුව රටේ පැවති තත්වය විශේෂ එකක් වූ අතර එය මැඩලීමට විශේෂ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවිය. පොලිස් කොට්ඨාශවල ප්‍රධාන පොලිස් ස්ථානයන්හි කඩාකල්පල් ක්‍රියා මර්ධන ඒකක පිහිටුවුයේ 1987දීය. නිලධාරින්ට සිවිල් ඇදුමින් සැරසී සිවිල් ලක්ෂණ දැරූ වාහන පවරාගෙන ගමන් කිරීමට බලය දෙනු ලැබීය. මෙම වාහන සමහරකට ලියාපදිංචි අංක නොතිබු අතර තිබුණේ ගරාජ් අංක පමණි. මෙම කණ්ඩායම් සෝදිසි කණ්ඩායම් ලෙස හැදින්විණි. ඒවා ප්‍රා, කොළ කොටි, කළු බළල්ලු, කහ බළල්ලු, දිවි මකුළුවා යන නම්වලින් හැදින්විණි. ඒවායේ ප්‍රධාන කාර්යය වූයේ කඩාකප්පල්කාරින් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමය. කැබිනට් අමාත්‍ය සහ එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග කොමිසම හමුවේ කියා සිටියේ ඔහු තුළ පැවති විශ්වාසයනම් කළු බළල්ලු ශ්‍රී ලංකාවේ පොලිසියේම සංවිධානයක් බවය. ඔහුගේ කැබිනට් සගයින් වන රනිල් වික්‍රමසිංහ සහ ජෝෂප් මයිකල් එම අදහසට එකඟවීම ප්‍රතික්ෂේප කලහ. ඩග්ලස් පීරිස්ගේ නිවස ඉදිරිපිටවූ ආරක්ෂක නිළධාරින් සිටි නිවසේ බිත්තිවල කළු බළල්ලු යන වචනය ලියා තිබිණි.
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහුගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය. තමන් නීති විරෝධීව රඳවා වධදුන් බවට ඉන් නිවාස කිහිපයක් රැදවුම්භාරයෙන් පලා ඒමට සමත්වූ ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ යන සාක්ෂිකරුවන් විසින් කොමිසම ඉදිරියේ හදුනා ගන්නා ලදී. මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති(පාලන) 1990 පෙබරවාරි 13වැනිදා චක්‍රලේඛනයක් මගින් අත්පත්කර තිබූ සියළු ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ට ආපසු භාරදෙන ලෙස නියෝග කර තිබුණද බටලන්දේ නිවාස 1994 අවසාන වනතුරු පරිහරණය කළහ.
බටලන්ද වධකාගාරයේ සැකකරුවන්ට කෘර, අමානුෂික සහ ආත්ම ගෞරවය කෙළෙසන වදදීම්වලට භාජනය කිරීම ඇතුළු වධ හිංසා දීමේ ක්‍රම ගණනාවක්ම සිදුවිය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂිකරුවන් බවට පත්වූ එහි රැඳවියන්ව සිට පලාආ සෞඛ්‍ය අමාතාංශයේ කම්කරුවෙකු වූ අර්ල් සුගී පෙරේරා, මහජන බැංකුවේ ලිපිකරුවෙකු වූ වාසල ජයසේකර, විදුලි ශිල්පියෙකු වූ මුදලිගේ බන්දුල, බෞද්ධ භික්ෂුවක වූ තිස්ස පලිපාන හිමි ඇතුළු කිහිපදෙනෙක්ද රැඳවියන්ට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය නිමල් අත්තනායකද මෙම කරුණු කොමිසම හමුවේ හෙළිදරව් කළහ.
එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්‍රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන්නෝය. සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි. රැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්‍ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියෝය. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්‍රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගැනිණි.
එම සාක්ෂිකරුවන් බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි. අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්‍ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්‍ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්‍රමද ක්‍රියාත්මක විය. එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී. ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්‍යාව 100කට අධිකය. පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත. නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය.
මානෙල්වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්‍රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ පරිදි පහරදුන් එක් අයෙකු වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්‍රේමලතාය.
ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ නිතිඥ විජේදාස ලියනාරච්චි 1988 අගොස්තු 25වැනිදා පස්වරු 4ට නුගේගොඩ ගංගොඩවිලදී පැහැරගෙන තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාසගේ තංගල්ලේ පිහිටි නිල නිවසේ තබාගත් අතර එහිදී වධ බන්ධනයට ගොඳුරු විය. ඒ පිළිබදව නැගුණු උද්ඝෝෂණය නිසා කොළඹට ගෙන ආ ඔහු 1988 සැප්තැම්බර් 1වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ බටලන්ද ක්‍රියාත්මක කරන කැළණියේ විශේෂ පොලිස් කණ්ඩායම යටතේ සපුගස්කන්ද පොලිසියේය. පසුව මරණයට පත්වූ ඔහුගේ ඝාතනය පිළිබද නඩු විභාගය 1989 දෙසැම්බර් මස ආරම්භ වූයේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ජුරි සභාවක් ඉදිරියේය. නඩු විභාගය අවසානයේ තීන්දුව 1991 ප්‍රකාශ කිරීමට පෙර අනපේක්ෂිත ලෙසින් තමන් ලියනාරච්චි පැහැරගෙන යාම සහ අයුතු ලෙස සිරකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බව චූදිතයන් කියා සිටියේය. ඔවුන්ට නියම කරන ලද්දේ අත්හිටවූ සිර දඬුවම් පමණි. රහසිගත ස්ථනයකදී මියයන තෙක් ලියනාරච්චිට වධ හිංසා පමුණුවා ඇති බව හෙළිවිය. ඔහුට පහර දුන්නේ තංගල්ලේදිද සපුගස්කන්දේද යන ප්‍රශ්නයට උත්තර දිය හැක්කේ අදාළ සාපරාධි ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන්ට පමණක් බව බටලන්ද කොමිසමේ මතය විය.
ජවිපෙ සන්නද්ධ අංශය විසින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙන ගිය අතර ප්‍රහාරකයින් දෙදෙනෙකු සහ පොලිසියේ තිදෙනෙකු මරමුවට පත්විය. එක් මියගිය ප්‍රහාරකයෙකු වූයේ සුමිත් පෙරේරා හෙවත් කළුවාය. පසුව සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට අතුරුදහන් විය.ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 23වැනිදා සවස කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය. ප්‍රියදර්ශනගේ සිරුරෙහි තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසුවිය. එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසියේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී.
එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන දෙල්ගොඩ කඳුබොඩ අඹ සෙවන නිවසේ පදිංචි උදයචන්ද්‍ර සහ රත්නචන්ද්‍ර යන ලියනගේ පවුලේ සහෝදරවරුන් දෙදෙනා 1989 ජුලි 7 පැහැරගෙන ගොස් බටලන්ද වධකාගාරයේ සිරකර තබාගෙන තිබිණි. ඒ පිළිබදව අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් විය. රත්නචන්ද්‍ර ලියනගේ මරාදමා තිබූ අතර බේරී ආ ඔහුගේ සොහොයුරා වූ උදයචන්ද්‍ර නඩු විභාගයේදි සාක්ෂි දුන්නේය. එය විභාග කල ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමආරච්චි මරණය සිදුකිරීමේ අරමුණින් පැහැරගෙන යාමේ චෝදනාවට වරදකරුවූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරින් 5 දෙනෙකුට 2009 අගෝස්තු 26වැනිදා බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය.
බටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළබිය හැකි එකම නිගමනය වනු ඇතැයි කියා සිටි කොමිසම අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපයට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය. ඉහත සදහන් බලය නොලත් රැස්වීම් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැදවීමේ ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සමඟ බේරිය නොහැකි ලෙස වෙළී පැටලී තිබෙන බව කොමිසම ප්‍රකාශ කර තිබේ.
බටලන්ද කොමිසම ප්‍රකාශ කල පරිදි සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් වික්‍රමසිංහ සහ කැළණිය කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ඒකකයේ වෙනත් යටත් නිළධාරින් නිති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු අතර වරදට සහායවීම ගැන කිසිදු සැකයක් නැත.
බටලන්ද වධකාගාරය මුලින්ම වීඩියෝ ගත කිරීමට සහභාගි වූ එවකට ජනාධිපති ඒකකයේ මාධ්‍ය ඒකකයේ වසන්ත කුලතුංගට අනුව අදාළ විඩියෝව ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශකට භාර දී තිබේ. එහෙත් රජයේ රස පරික්ෂක බටලන්ද වධකාගාරය තිබූ භූමියට යනවිට තම කැමරාවට හසුවූ බටලන්ද වධකාගාරයේ ලේ පැල්ලම් සියල්ල මකා මඩ තවරා තිබු බව හෙතෙම කියා සිටියේය.
ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා රජයේ සංවිධානවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ අතර තත්ත්වය කුමක් වුවත් වගකීමේ හැගීමෙන් යුත් රජයක් ඊට ප්‍රතිචාරය දිය යුත්තේ නීතියේ අධිපත්‍යයට සහ ආණ්ඩු කිරීම සිදුවිය යුත්තේ පිළිගත් වලංගු වන සම්මතයන්ට අනුකූලව බව කොමිසම අවධාරණය කර තිබිණි. මෙම කාල සීමාවේ පාලක පක්ෂයේ ඇතැම් දේශපාලකයෝ පොලිසියේ කටයුතු වලට ක්‍රියාශීලිව සහභාගිවූ අතර ඇතැම් අවස්ථාවක පොලිසියේ කටයුතු මෙහෙයවූ බවට සඳහන් වාර්තාව එම කාලයේ සිදුවූ කරුණු පිළිබදව බටලන්ද සිද්ධිය එක් නිදසුනක් බවද කොමිසම කියා සිටියේය.
බටලන්ද කොමිසම අවසාන වශයෙන් කළ නිර්දේශ අතර මෙයද විය. “ජේෂ්ඨ පොලිස් නිලධාරින් විසින් මෙන්ම එවකට රජයේ දේශපාලනඥයෙකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති අධිකරණ බලයත් එම අධිකරණය විසින් අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් විදීමට සිදුවන බියක් නොමැතිව පිට පිට උල්ලංඝනය කර තිබෙනු අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන සහ උචිත දඬුවම්වල තරවටුවලට ලක් නොවිමය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන්වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැවරීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අපි නිර්දේශ කරමු.”
බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 1998 මාර්තු 27වැනිදා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත භාරදෙන ලදී. වාර්තාව භාර දීම සදහා එදින පස්වරු 5.30ට වෙලාව ලබාදී තිබුණද ජනාධිපතිනිය පැමිණියේ පස්වරු 8.30ටය. කොමිසමේ සභාපති විනිසුරු ධර්මසිරි ජයවික්‍රම විසින් සංෂිප්ත විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
කොබ්බෑකඩුව ඝාතනය කලේ ජේ අර් ජයවර්ධන ජනපතිවරයා..
දිනය එක්දහස් නමසිය අනූදෙකේ අගෝස්තු අට වැනිදාය. එදින උදෑසන යාපනය කයිට්ස් කඳවුරේ හුන් හමුදා නිලධාරීහු විශේෂ පුද්ගලයකු එනතුරු බලා සිටියහ. ඔහු ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ මහ මොළකරු වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවය. කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට ආවේ බෝට්ටුවලිනි. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු කීප දෙනෙක්ම එහි හුන්හ. ඔවුන් යාමට නියමිතව හුන්නේ අරාලි තුඩුවටය. ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවය. එහි සිට නාවික හමුදා බෝට්ටු මගින් සෙබළුන් යාපනය නගරය අල්ලා ගැනීමට යාමට නියමිතව තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් ඇරඹුවේ ජිප් රථ දෙකක නැගීය. අතරමගදී සියලු දෙනා එක ජිප්රියක නැගිය යුතු බව තීරණය කළේ එල්.ටී.ටී.ඊ.යේ දර්ශන පථයෙන් ඈත්වීමේ උපක්‍රමයක් ලෙසය. එහෙත් මේ ගොඩවන්නේ මරුවා සැඟ වී සිටින රියකට බව කිසිවෙකුට නොසිතෙන්නට ඇත.
සෙබළුන් දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම එම ජිප් රියට ගොඩවූහ. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් එච්.ආර්. ස්ටීවන් , කර්නල් යශෝධ පලිපාන, කර්නල් ජී.එච්. ආරියරත්න , මේජර් නලීන් අල්විස්, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර්, චන්දිම විජයපුර, කෝප්‍රල් ජගත් වික්‍රමරත්න හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සහයක සෙබළා වන සෙබළ උපාලි ද ඒ අතර වූහ. වාහනයේ ඉඩක් නොවූ බැවින් සෙබළ උපාලි හිටියේ රථයේ පිටුපස එල්ලීය.
කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් අරඹන විට ඔවුන් සමග පැමිණි අනෙක් රථය අරාලි තුඩුව පෙනෙනතෙක් මානයේ සෙවණ ඇති බිමක නතර කෙරුණි. පැය භාගයක් පමණ ගත වුණි. නතර කළ තිබූ ජිප් රියේ සිටි අයට ඇසුණේ කොබ්බෑකඩුව ගිය ජිප්රිය නැවත පැමිණෙන ශබ්දයය. එබැවින් ඔවුහු තම ජිප් රියද පණනැංවූවේ ගමන් ඇරඹීමටය.

මේ අතර කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පැමිණ රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වූවා පමණි. මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා ගියේය. ඒ දෙදරීම කොතරම්ද යත් එහි කම්පනය අදටත් රට්ටුන්ගේ හදවතවලට හොඳට දැනේ. විනාඩි ගණනාවක් පුරා මුළු බිමම මහා ධූලි වලාවකින් වැසී ගියේය. නවතා තිබූ වාහනයේ හුන් හමුදා නිලධාරීහු පිපිරුම වූ බිමට දිව්වෝය. එහි මහා ආවාටයක් ඇදී තිබුණි. ඔවුන්ට මුලින්ම හමුවූයේ කොමදෝරු මොහාන් ජයමහය. ලේ විලක් මැද වැටී හුන් ඔහුගේ පණ නළ ගැහෙමින් තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටීසිටියේ මරුවා සමග සටන් කරමිනි. බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි. රථයේ පිටුපස එල්ලී ගිය සෙබළ උපාලිගේ දෙපා තිබුණේ සිරුරෙන් වෙන්වීය. පණගැහෙමින් හුන් ඔහු කැඩී වෙන්වූ දෙකකුල්ද සොලවමින් කෑගසමින් හුන්නේය. (ඔහු මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයාය) කොබ්බෑකඩුව, ජයමහ හා උපාලි හැර අන් සියලු දෙනාගේම සිරුරු තිබුණේ සත් අතකට කැඩීය. ඔවුහු සියල්ලෝම ඒ වන විටත් දිවි සටනින් පරාජයට පත්ව හුන්හ.
පිපිරුමෙන් විනාඩි කීපයකට පසු හෙලිකොප්ටරයක් අරාලි බිමට ගොඩබැස්සේය. එම හෙලිකොප්ටරය කලින් ලෑස්ති කර තිබුණේ මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යළිදු වරක් කඳවුරට යාමටය. හෙලිකොප්ටරයට මුලින්ම නංවා ගත්තේ කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන්ය. ඔවුන් දෙදෙනා පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ දිවියට සමු දුන්නේය. පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවැසි මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් ඔහු වහාම
කොළඹට යැවීමට තීරණය කළේ බරපතළ තත්ත්වයේ ඔහු පසු වූ බැවිනි. මේ අතර පලාලි කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජයවර්ධනපුර මහ රෝහලට කතාකර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ශල්‍යාගාරය වෙන්කර තබන්නැයි දැනුම් දුන්හ. එසැණින් ජයවර්ධනපුර රෝහලේ බලධාරීහු ක්‍රියාත්මක වූහ. ඔවුන් කොබ්බෑකඩුවගේ දිවිය ගලවා ගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සැදී පැහැදී හුන්හ. යම් හෙයකින් අතරමගදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරුණි.

සිහිසුන්ව හුන් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ දිවි ගලවා ගැනීමට ඔහුට වහාම විශේෂඥ ප්‍රතිකාර දිය යුතු මුත්, එය ප්‍රමාද වූයේ ඇයිදැයි යන්න අදටත් අබිරහසකි. ජයවර්ධනපුර මහ රෝහලේ සියලු කටයුතු සූදානම් කර තිබියදීත් ඔහු රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටය. පලාලි වලින් රත්මලානටත් , රත්මලානෙන් ජයවර්ධනපුර රෝහලටත් එතැනින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත විණි. උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් කොබ්බෑකඩුව හුන්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයේය. ඔහුගේ ජීවිතය බේරාගැනීමට දොස්තරවරු නොගත් වෙහෙසක් නැත. එනමුත් ඒ සියල්ල පරාජය කරමින් පස්වරු දෙකහමාරට පමණ මරුවා ජය ගත්තේය.
ඒ මරණය වී මේ මාසයට විසිඑක් වසරක් ගත වුණිද ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය අදටත් අබිරහසකි. ඔහුගේ ඝාතනයට සෘජුවම ඇඟිල්ල දිගු වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයටය. රජය තමන්ට එල්ල වූ කළු පැල්ලම මකා ගැනීමට ඝාතනය ගැන පිරික්සීමට ඉස්මයිල් කොමිසම පත් කළේය. ඒ අතරේ එංගලන්තයේ හුන් බෝම්බ විශේෂඥයකු වූ ජේ.ආර්. වයට් ද මේ ගැන පරීක්ෂා කළේය. ආණ්ඩුවේ වාර්තාවත් එම වාර්තාවත් පරස්පර විය. ඉනික්බිතිව බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිනිය කොබ්බෑකඩුව ඝාතන කොමිසමක් පත් කළාය. එහිදී ද සත්‍යය හෙළි නොවීය. සැබැවින්ම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය කළේ කොටි සංවිධානයද එසේ නැතිනම් ඔහු දේශපාලනයට පැමිණෙතැයි පැතිරී ගිය ආරංචියට බිය වූ දේශපාලනඥයන් පිරිසක්ද. මේ ප්‍රශ්නවලට උත්තර ද සදාතනිකව පොළොව යට වැලලී තිබෙනු ඇත. මක්නිසාද යත් කොබ්බෑකඩුව ඝාතනයේ ඇඟිල්ල දිගු වූ සියල්ලෝම දැන් සිටින්නේ පොළොව යට බැවිනි.
ගෝඨාභය දාපු සෙල්ලන්.. නොදන්න අයට දැනගන්න...
ප්‍ර – එල්.ටී.ටී.ඊ.ය ඇටවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඔබේ ජීවිතේ බේරුණේ අනූනවයෙන්. ඒ අත්දැකීම විස්තර කළොත්?
පි – ඒක පුදුම අත්දැකීමක්. ඒ දවස්වල අපි සෑම බදාදාම නොවැරදීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වෙනවා. උදේ පටන් ගත්තම සමහර දවස්වලට සවස පහ හය වෙනතුරුත් සාකච්ඡා කරනවා. ඔය අතරේ බුද්ධි අංශවලට තොරතුරු ලැබිලා තිබුණා ජනාධිපති හෝ ආරක්ෂක ලේකම් හෝ හමුදාපතිවරුන් තුන්දෙනා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව. මේ කතාව ඇහුවට පස්සේ ජනාධිපතිතුමා වහාම නියෝග කළා මටත් හමුදාපතිවරුන් තුන්දෙනාටත් වෙඩි නොවදින වාහන පාවිච්චි කරන්න කියලා. ඒ වෙලාවේ එකපාරටම වාහන ගේන්න මුදල් නැති නිසා ඒ වෙනකොට තිබුණු පරණ වාහන හතරක් අපි හතර දෙනාට දුන්නා. මටත් පරණ ඕර්එ කාර් එකක් ලැබුණා. ඇත්තටම මගේ ජීවිතේ එදා බේරුණේ ඒ පරණ වෙඩි නොවදින ඕර්එ කාර් එක නිසා.
ප්‍ර – ඒ වෙලාවේ ඒ කියන්නේ බෝම්බේ පිපිරුණු වෙලාවේ ඔබට මොකද දැනුණෙ?
පි – මං ඒ දවස්වල හිටියේ බුලර්ස් රෝඩ් එකේනේ. ගෙදර ඉඳලා කාර්යාලයට යන ගමන් තමයි පිත්තල හන්දියේදී ඔය බෝම්බේ පිපිරුණේ. එකපාරටම ලොකු සද්දයක් එක්ක කාර් එක දෙදරුවා. මම කාර් එකේ වාඩි වෙලා හිටිය පැත්තේ ඉඳලා අනිත් පැත්තට විසි වුණා. මම කොයි වෙලාවක හරි මේ දේ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ නිසා කම්පනය දරා ගන්න මට පුළුවන්කම ලැබුණා. තවත් මගේ හිත ශක්තිමත් වුණා. කොහොමහරි මේ කරුමේ ඉවර කරන්න ඕන කියලා දැඩි තීන්දුවක් එදා මං ගත්තා.
ප්‍ර – ජනාධිපතිවරයාගේ සහෝදරයා ආරක්ෂක ලේකම් කර ගැනීම ගැන සමහරකුට විවේචන තිබුණා. ජනාධිපතිවරයා සහෝදරයා වීම මේ යුද්ධය ජය ගන්න හේතුවක් වුණාද?
පි – අනිවාර්යයෙන්ම ඒකට උදාහරණ එමටයි. ඒ නිසාම තමයි අපි යුද්ධය ජයග්‍රහණය කළේ. මට කියලා තියෙනවා මට ඉස්සරහින් හිටිය ආරක්ෂක ලේකම්ලා විඳපු දුෂ්කරතාවන්. ෆයිල් එකකුත් අරගෙන ජනාධිපතිතුමා හමුවෙන්න යනවා. ඊළඟ දවසේ නැවත එනවා ෆයිල් එක පෙන්වන්න බැරි වුණා කියලා. ජනාධිපතිතුමා මගේ සහෝදරයා නිසා ඕනෑම වෙලාවක එතුමා හමුවෙන්න කතා කරන්න මට පුළුවන්. සමහර තීන්දු තීරණ තනිවම ගන්න පුළුවන්. ඒ දේවල් තමයි ඉවහල් වුණේ අපේ ජයග්‍රහණයට.
දැන් උදාහරණයකට සරත් ෆොන්සේකා පත් කිරීම මං හිතන්නෙ නෑ වෙන කෙනෙකුට කරන්න පුළුවන්කම තිබුණා කියලා. ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී එයාගේ සේවා කාලය වසරින් වසර දීර්ඝ කිරීම, ඔය දේවල් කළේ මම ඒ තනතුරේ හිටිය නිසා.
අනික හමුදාව මේ අයුරින් වැඩි කිරීම, අනික ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න පහසු වුණේ ඒ සම්බන්ධය හින්දා. අපිත් එක්ක මොන රටක් තරහ වුණත් යුද්ධයට සෘජුවම බලපෑමක් කරන්න පුළුවන් ඉන්දියාවට විතරයි කියලා මට අවබෝධයක් තිබුණා. මට වඩමාරච්චි සිද්ධිය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා මං ලොකු උත්සාහයක් ගත්තා ඉන්දියාව අපිත් එකක් සහයෝගයෙන් තබා ගන්න. මං ඒකට වැඩ පිළිවෙළක් හැදුවා. මෙහෙන් නිලධාරීන් තුන්දෙනයි ඉන්දියාවෙන් තුනයි මෙහෙන් මමයි බැසිල් රාජපක්ෂයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගයි. එහෙත් ආරක්ෂක උපදේශක නාරායන්, විදේශ ලේකම් ශංකර් සහ ඉන්දීය ආරක්ෂක ලේකම් සිං ඇතුළු අපි හයදෙනා නිතරම මුණගැසුණා. ඒ මුණ ගැසීම්වලින් දැඩි විශ්වාසයක් අපි අතරේ ගොඩනැගුණා.
යුද්ධය අවසන් වේගෙන එද්දී කරුණානිධි මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. මට දවසක් සවස පහට විතර ඉන්දීය විදේශ ලේකම් ශිව ශංකර් මෙනන් මගේ දුරකථනයට කතා කරලා කිව්වා ගෝඨා ඉතාම සංවේදී අවස්ථාවක් කරුණානිධි මාරාන්තික උපවාසයකට ගිහින් තියෙනවා. මේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ගන්න අපිට ජනාධිපතිතුමාව මුණගැහෙන්න ඕන කියලා. මං කිව්වා විනාඩි පහක් මට දෙන්න කියලා. එහෙමම ජනාධිපතිතුමාට කතා කළා. ජනාධිපතිතුමා කිව්වා හරි එන්න කියන්න කියලා. විනාඩි දහයක් ඇතුළත අවශ්‍ය දේවල් කරන්න මට හැකියාව ලැබුණා. ඔවුන් රෑම ලංකාවට ආවා. අපි ඊට පස්සෙන්දා දවල් ජනාධිපතිතුමා මුණ ගැහුණා. ජනාධිපතිතුමා නාරායන්ගේ පිටට තට්ටු කරලා “ආපහු පරිප්පු දාන්න නොවෙයි නේද ආවේ” කියලා විහිළුවකුත් කරලා අපි හයදෙනයි ජනාධිපතිතුමායි මේ සිද්ධිය ගැන සාකච්ඡා කළා. ඒ හමුවෙන් පස්සේ අපිට පුළුවන්කම ලැබුණා කරුණානිධිගේ උපවාසය නවත්වන්න.
නිකමට හිතන්න මේ සම්බන්ධය නොතිබුණා නම් ආරක්ෂක ලේකම් කාටද කතා කරන්නෙ. ඔහු ඉන්දියාවේ මහ කොමසාරිස්ට කතා කරන්න ඕන. මහකොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ට කතා කරන්න ඕන. ලේකම් ඇමැතිට කියන්න ඕන. ඇමති ජනාධිපති හමුවෙන්න ඕන. ජනාධිපතිට සිද්ධිය තේරුම් කරලා දෙන්න ඕන. සුමාන ගාණක් යන වැඩක්. එහෙම වුණා නම් අපිට යුද්ධය නතර කරන්න බලපෑම් එනවා. ඇත්තටම මෙන්න මේවා තමයි මේ යුද ජයග්‍රහණයේ හේතු. තිරේ පිටුපස මේ කතා බොහෝ දෙනා දන්නෙ නෑ.
ප්‍ර – යුද්ධ කරගෙන යන අතරතුර විශාල ජාත්‍යන්තර බලපෑමක් අපට එල්ල වෙනවා යුද්ධය නතර කරන්න කියලා. කොහොමද ඒ තත්ත්වය කළමනාකරණය කර ගත්තෙ?
පි – ඔව්. අපිට ලොකු අභියෝග එල්ල වුණා. අපි ආයුධ ගෙනාවේ චීනයෙන්. ඒ කාලේ ඔලිම්පික් උළෙල කළේ චීනයේ. චීනයට විශාල බලපෑමක් එල්ල වූ නිසා අපි ඇණවුම් කරපු බෝම්බ එන්න ප්‍රමාද වුණා. ඒ වෙනකොට සති දෙකක් සඳහා පමණයි අපි ළඟ බෝම්බ තිබුණේ. මේකේදී තවත් එකක් කියන්න ඕන. ක්‍රියාන්විතයේ සිටි නිලධාරීන් සෑහෙන පිරිසක් මම පෞද්ගලිකවම දැනගෙන හිටියා. ක්‍රියාන්විත අධ්‍යක්ෂ කියලා තනතුරක් තියෙනවා. එයා තමයි අවි ආයුධ සම්බන්ධයෙන් හමුදාපතිවරයා සමග සම්බන්ධීකරණය කරන්නේ. ඒ තනතුර භාරව සිටියේ මේජර් ජෙනරාල් උදය පෙරේරා. මේ අය මගේ යටතේ සේවය කරපු මම පෞද්ගලිකවම දන්න අය. ඒ සම්බන්ධතා නිසා උදය පෙරේරා කෙළින්ම ආයුධ ප්‍රමාණ ගැන මාව දැනුවත් කරනවා. ඔහු මට කතා කරලා කිව්වා “සර් තව සති දෙකකටයි මෝටාර් බෝම්බ තියෙන්නේ. මොනවා හරි කරන්න කියලා. මං හිතන්නෙ නෑ ඒ වගේ නිලධාරියකුට සෘජුවම වෙන ආරක්ෂක ලේකම් කෙනෙක් හිටියා නම් කතා කරන්න පුළුවන් කියලා.
මං ජනාධිපතිතුමාට මේ ගැන කිව්වා. ඒ වෙනකොට තිබුණු ලංකා ලොජිස්ටික්ස් ආයතනයෙන් මම දැන ගත්තා පාකිස්තානයෙන් මෝටාර් ගෙන්නා ගැනීම තමයි හොඳම වැඩේ කියලා. මම ජනාධිපතිතුමාට මේ ගැන පැහැදිලි කළාම ජනාධිපතිතුමා එවලේම පාකිස්තාන ජනාධිපති ජෙනරාල් මුෂාරෆ්ට කතා කළා. ඔහු අපිට ආයුධ දෙන්න කැමැති වුණා. මේ දේ කරන්න හැකියාව ලැබුණේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් සමග ගොඩනගාගෙන තිබූ මිතුරු සබඳකම් නිසා. ඒ වගේම ඉහළ සිට පහළ දක්වා සියලු නිලධාරීන් සමග ඉතාම හොඳ සම්බන්ධයක් මට තිබුණු නිසා.
ඔය අද සරත් ෆොන්සේකා මොනවා කිව්වත් වවුනියාවේ, මඩකලපුවේ යාපනේ තිබුණු සෑම සම්බන්ධීකරණ රැස්වීමකටම ගියේ මම. මමයි ඒවා මෙහෙයෙව්වේ. එයාට ඒවා නෑ කියන්න බෑ. භට පිරිස්වලට කතා කරලා ඒ අය දිරිමත් කළේ මම. ඔය ජයග්‍රහණය පෙනි පෙනී තමයි එයා මාව දාලා තනියෙන් යන්න ගත්තේ. (සිනා) නැත්නම් හැමතැනම ගියේ මාත් එක්ක. ඇත්තටම ඒක මගේ රාජකාරිය නොවෙයි. ඒක එයාගේ රාජකාරිය.
ප්‍ර – ඔය කාලේ වෙනකොට ඔබට සරත් ෆොන්සේකා මහත්තයාගේ වෙනසක් දැනුණද?
පි – යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා තහවුරු වෙච්ච තැන ඉඳලා තමයි එයා වෙනස් වුණේ. (සිනා) එතකොට මං දැන ගත්තා එයා වෙනස් වෙලා කියලා.
ප්‍ර – නන්දිකඩාල්වලට ප්‍රභාකරන් ඇතුළු පිරිස කොටු කළාට පස්සේ මැයි 18 වැනිදා ප්‍රභාකරන් සොයා ගැනෙන තුරු කාලය බොහොම තීරණාත්මකයි. ඒ දින දෙක තුන ගැන කතා කළොත්?
පි – ඔව්. ඒ දවස් දෙක තුනම ඉතාම තීරණාත්මක වුණා. හැබැයි ඒ වෙනකොට අපේ සියලුම බලය යොදවලා තිබුණේ. ඒ අයත් හොඳ සටනක් දුන්නා. ප්‍රධානම ප්‍රශ්නය වුණේ සාමාන්‍ය ජනතාව මේ පැත්තට ගැනීම. ඒකට විශාල වශයෙන් සාකච්ඡා කළා. විවිධ සැලසුම් යොදා ගත්තා. මේ වෙනකොට හමුදා සේනාංකවලට අණදෙමින් සිටි ෂවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, ජගත් ඩයස්, ප්‍රසන්න ද සිල්වා ගැන මගේ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වෙනකොට සියල්ල සොයා බලමින් කළමනාකරණය කළේ මම. මොකද සරත් ෆොන්සේකා ලංකාවේ හිටියේ නෑ. ජනාධිපතිතුමත් හිටියේ පිට.
අනික මේ වන විට අපිට ගොඩක් බටහිරින් බලපෑම් ආවා. නමුත් අපිට ඕන වුණේ නෑ ආයෙත් අර පළමු තැනට එන්න. අපි ඒ ජාත්‍යන්තර බලපෑම්වලට යටවෙලා ප්‍රභාකරන්ට නිදහස් වෙන්න ඉඩ දුන්නා නම් මේ යුද්ධය ආයේ මුල ඉඳලම පටන් ගන්නවා. අවුරුදු තිහක් තිස්සේ අපි මේක දැක්කානේ. ඒ නිසා තමයි අපි මේකේ අවසානයක් දකින්න ඕන කියන තීරණයට ආවේ. මම දකින්නෙ මෙතනදී දේශපාලන නායකත්වයේ තියෙන වැදගත්කම. තීරණ ගන්න තිබුණු ශක්තිය. අද සීතල කාමරවල ඉඳගෙන මේවා ගැන විවිධ විශ්‍ලේෂණ කරන්න පුළුවන්, විවිධ දේ කියන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කියන චරිතයට පුළුවන් වුණා ඒ නිර්භීත තීරණය අරගෙන රට වෙනස් කරන්න.
ප්‍ර – යුද්ධය අවසන් වුවත් ඊට දායකත්වය දුන් භටයා අමතක නොකර ඔහු වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඔබ දියත් කළ බව නොරහසක්. ඒ ගැන ටිකක් කතා කළොත්
පි – මගේ තරුණ කාලයම ගෙවී ගියේ හමුදාවේ. සෙබළා කෙරේ විශාල බැඳීමක් මගේ තියෙනවා. මිය ගිය සෙබළුන්ගේ පවුල් රැක ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් මම ආරම්භ කළා. ඒ වගේම ආබාධිත සෙබළා. මේ අය වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා මට කල්පනා වුණේ යුද්ධය පටන් ගත්තු කාලෙමයි. මම හැම දිස්ත්‍රික්කෙකටම ගියා. ප්‍රශ්න ගොඩක් තිබුණා. සෑහෙන්න ප්‍රශ්න විසඳුවා. මට ගොඩාක් දෙනෙක් කියපු දෙයක් තමයි නිවාස ප්‍රශ්නය. මම ඒකත් පටන් ගත්තා. රණවිරුවන් වෙනුවෙන් විශාල නිවාස ප්‍රමාණයක් මා හැදුවා.
ප්‍ර – යුද්ධය අවසන් වුණාට පස්සේ ඔබ කොළඹ නගරය ජාත්‍යන්තර ප්‍රමිතියට ගැළපෙන ලෙසින් හැඩ කරනවා. කුණු කඳු නැති ලස්සන කොළඹක් ඔබ යටතේ ඉදිවෙනවා. මේ කොළඹ නගර සංවර්ධනය කාගේ සැලසුමක්ද?
පි – ඒක තවත් අභියෝගයක්.ඊශ්‍රාලයේ බුද්ධි අංශයේ විශ්‍රාමික හමුදා නිලධාරියකුගේ උපදෙස් ලබා ගන්න අපිට අවස්ථාවක් ලැබුණා. මේ පුද්ගලයා කොළඹට ආවා. ඔහු මාව හමුවන්න ආවම මම ජනාධිපතිතුමා ළඟට එක්කරගෙන ගියා. අපිට ඕන වුණා බුද්ධි අංශ මෙහෙයවීම පිළිබඳව උපදෙස් ගන්න. නමුත් ඔහු වාඩිවුණ හැටියේ කිව්වා ඔබේ රටට ඇතුළුවන පුද්ගලයකුට දෙන සිතිවිල්ල හරිම නරකයි. මම කටුනායක ඉඳලා එන කොට දැක්කේ අවිධිමත් සංවර්ධන වෙච්ච කුණූ ගොඩක් කියලා මේ මනුස්සයා ජනාධිපතිතුමාට ඔය කතාව කිව්වා.
මට ඕක තදින් හිතට වැදුණා. මට මේ කොළඹ සංවර්ධනය ලැබුණාම මම සෑම කෙනෙකුගෙන්ම විස්තර හොයලා බලලා සැලසුමක් හැදුවා. මුලින්ම මට ඕන කළේ යුද්ධය නිසා හිර වෙලා තිබුණු නගරය නිදහස් කරන්න. මං මුලින්ම තෝරා ගත්තේ කුරුඳුවත්ත පොලිසිය. මම පොලිසියේ තිබුණු තාප්පය කැඩෙව්වා. ඉස්සරහ පොඩි ගොඩනැගිල්ලක් තිබුණා. ඒකත් කැඩෙව්වා. ඊට පස්සේ අර පරණ ගොඩනැගිල්ල ලස්සන කරලා ලයිට් දාලා ගත්තම හැමෝම කිව්වා පුදුම වෙනසක් කියලා. ඊට පස්සේ රාජ්‍ය ලේඛනාගාරය වටේ තාප්පේ කැඩුවා. මම ඔහොම වැඩ කරගෙන යනකොට ලෝක බැංකුවේ මෙරට නිත්‍ය නියෝජිතයා ආවා මං හමුවෙන්න.
ඔහු මට කිව්වා ඔබතුමා මේ කරන දේ ගැන මං බොහොම සන්තෝෂයි. අපිටත් මේකට දායකත්වයක් දෙන්න පුළුවන්ද කියලා. මතෛක් කල් වුණේ අපි ලෝක බැංකුව පස්සේ ගියපු එකනේ. මේකෙදී ලෝක බැංකුව මගේ පස්සෙන් ආවා.
ලෝක බැංකුවෙන් ණය ආධාරයක් ගන්න අවුරුදු ගාණක් යනවා. මං එයාට කිව්වා මට මේක ඉක්මනට ඉවර කරගන්න ඕන. ඔයාලගෙන් ණය ගන්න සෑහෙන කාලයක් යනවනේ කියලා. නෑ..නෑ.. අපි ඉක්මන් කරලා දෙන්නම් . අපිට සැලසුම් ටික දෙන්න කීවම අපි ඉක්මනට සැලසුම් හදලා භාර දුන්නා. ඒ කිව්වා වගේම ඉතාම ඉක්මනින් අපිට සියලු ණය ලැබුණා. කොළඹට අමතරව ගාල්ලටයි, නුවරටයි මං සැලසුම් හැදුවා. ඒවට සල්ලි ඇවිත් තියෙන්නේ. මේ අයට තියෙන්නේ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න විතරයි.
ප්‍ර – සමහරු කියනවා ඇහුණා ගෝඨාභයට පුළුවන් වම, දකුණ කියන්න විතරයි කියලා?
පි – මගේ හැකියාවන් මම දකුණුට වඩා එහා තියෙන බව මම රාජ්‍ය සේවකයකු ලෙසත් හමුදා සෙබළකු ලෙසත් පෙන්නලා තියෙනවා. ඔය කියන අයට තමයි වම, දකුණ මාරු වෙලා තියෙන්නේ. හැබැයි මට වම දකුණ මාරු වෙලත් නෑ උතුර දකුණ මාරු වෙලත් නෑ. හැබැයි අපිට බණින බොහෝ දෙනකුට නම් අද වම දකුණ විතරක් නොවෙයි උතුර දකුණත් මාරු වෙලා කියලා නම් පේනවා.
ප්‍ර – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි රාජපක්ෂලයි අතරේ ඉදිරියට මොනව වගේ සම්බන්ධයක් තියේවිද?
පි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේදීත් රාජපක්ෂවරු මුල් වුණා. ශ්‍රීලනිපයේ බලය ඉහළින්ම තිබුණේ මහින්දරාජපක්ෂ ජනාධිපති වුණ කාලේ. නමුත් රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන මේ ගැරහිලි බැලුවම ජනතාව අහන්නේ මොකටද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලිලා ඉන්නෙ කියලා. අද මිනිස්සු කියන්නේ මහින්ද රාජපක්ෂ කිව්වත් ශ්‍රීලනිපයට ඡන්දය දෙන්න කියලා අපි දෙන්නෙ නෑ කියලයි. එවැනි මතයක් ජනතාව අතරත් ගොඩනැගිලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නෙ කියලා.
ප්‍ර – මෙරට දේශපාලනයේ යම් රික්තයක් අපි දකිනවා. ඒක පුරවන්න ඉඩක් ඔබට ලැබුණොත්?
පි – මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මගේ සහෝදරයා කියා කියනවා නෙවෙයි. ඒ වගේ තවත් නායකයෙක් මේ රටේ බිහි වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ. ඒ පරිණත භාවය, නොබියව තීන්දු තීරණ ගැනීම, ජනතාව සමග ගනුදෙනු කිරීම ආදිය අතරේ එතුමා ඉන්නේ ඉතාම ඉහළින්. ඔය හේතු තමයි මේ වෛරයට මුල.
මෙහෙමයි අපි කවදත් මේ රටට ආදරය කරපු මිනිස්සු. අපි ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් දේ වෙනත් පැත්තකට යනවා නම්, ඒ වගේම ඒ දේවල් රැක ගන්න ජනතාව සමග පෙළ ගැසී ඊට නායකත්වය දෙන්න වුණත් මම සූදානම්.
සාකච්ඡා කළේ – චන්දන කාරියවසම්
Friday, February 26, 2016
පොන්න සිපයියා චාටර් වේ
ජිගලෝ වර්ගයේ පොන්න සිපයියා චාටර් වේ
රංජන් රාමනායක යනු ජිගලෝ වර්ගයේ පොන්න සිපයියෙකු බව අද හිටපු ජනාධිපතිවරයා නිකුත්කල නිවේදනය හරහා තහවුරු වි තිබේ.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුඛෝපභෝගී ගුවන්යානා කුටිය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමේ නව ගුවන්යානා සමඟ එතුමාගේ භාවිතය සඳහා සුඛෝපභෝගී නානකමර, වැසිකිලි, ඇදන් සහිත කුටියක් නිර්මාණය කළ හැකි විශේෂ පරිවර්තන කට්ටලයක් ඇමරිකානු ඩොලර් මිලියනහතරක වියදමින් ඇණවුම් කර තිබූ බවත්, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ ඇණවුම අවලංගු කිරීමට උත්සාහ දැරුවත් ගිවිසුමේ කොන්දේසි නිසා එසේ කළ නොහැකි බවත් එම නිසා ඒ පාඩුව රටට දරා ගැනීමට සිදු වන බවත් ඊයේ එ.ජ.ප පක්‍ෂ මූලස්ථානයේ පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කර තිබුණි. හිටපු ජනාධිපතිතුමාට අද කොමිසම් හා හිරගෙවල් ගානේ යෑමට සිදු වී ඇත්තේ මෙවැනි දේවල් නිසා යැයි රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලික ගුවන් යානයක් ඇණවුම් කර තිබෙනවා යැයි සාවද්‍ය ප්‍රචාරයක් ගෙනයන ලදී. දැන් මේ කතාව සාමාන්‍ය ගුවන් යානයකට සවි කරන සුඛෝපභෝගී කුටියක් හැටියට ඔවුන්ම වෙනස් කරගෙන තිබේ. මේවා සත්‍ය වශයෙන්ම සාමාන්‍ය වාණිජ ගුවන්යානා වල ආසන කීපයක් ගලවා තාවකාලිකව සවිකල හැකි ප්‍රභූ පරිවර්තන කට්ටල වේ. එයාර්බස් සමාගමෙන් ගුවන්යානා ඇණවුම් කරන විට මේ කට්ටලය නොමිලේ ලබාදෙන තිළිණයක් හැටියට ඇතුලත් කොට තිබේ. මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය සඳහා එයාර්බස් සමාගම විසින් මිලක් සඳහන් කරනු බලන්නේ ගැණුම්කරුවාට තිළිණයේවටිනාකමපිළිබඳ අදහසක් දීමට පමණි. තිළිණය වෙනුවට ඒ සඳහන් කරන මුදල ගැණුම්කරුවාට ලබා ගැනීමට නොහැක.
රාජපක්‍ෂ මහතා ඇණවුම් කර තිබෙනවා යැයි කී පරිවර්තන කට්ටල ඇමරිකාවේ ජනාධිපතිවරයාහාබෲනායිහි සුල්තාන්වරයාත් පාවිච්චි කරන බව රාමනායක මහතා කියා සිටියද එය අමූලික බොරුවකි. ඇමරිකාවේ ජනාධිපතිවරයාට වෙනම නිළ ගුවන්යානයක් තිබෙන අතර බෲනායිහි සුල්තාන්වරයාට පුද්ගලික ගුවන්යානා ගණනාවක්ම තිබේ. ඔවුන් ගමන් කරන්නේ පරිවර්තන කට්ටල අටවාගෙන නොවේ.
ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන්යානා සමඟ නොමිලේ ලැබෙන මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය සදහා කර ඇති ඇණවුම අවලංගු කිරීමට නොහැකි යැයි කීම බොරුවකි. ඕනෑම ගැණුම් කරුවෙකුට නොමිලේ ලැබෙන තිළිණයක් අවශ්‍ය නැතිනම් එය ප්‍රතික්‍ෂේප කිරීමට අයිතියක් ඇත. මෙතන සැබවින්ම සිදු වී ඇත්තේ වර්තමාන බලවතුන්ට මේ පරිවර්තන කට්ටලය ලබා ගැනීමට අශාවක් පහල වී තිබීම විය හැක. ගිවිසුමේ වගන්ති නිසා මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය ප්‍රතික්‍ෂේප කිරීමට නොහැකි යැයි කියා එය යහපාලන බලවතුන්ගේ භාවිතයට යෙදවීමට දැන් නිදහසට කරුණු නිර්මාණය කරමින් සිටින බවක් අපට පෙනේ. වර්තමාන ආණ්ඩුව විසින් මේ ප්‍රභූ පරිවර්තන කට්ටලය ප්‍රතික්‍ෂේප කරන බවටත් එය අලුත් ගුවන්යානා සමඟ ලංකාවට එවා තිබුණත් එය වහාම එයාර්බස් සමාගමට හරවා යවන බවටත් වගබලා ගැනීම සියළු යහපාලනප්‍රේමීන්ගේ වගකීම වේ.
හිටපු ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්
රොහාන් වැලිවිට මහතා වෙනුවට
ෂෙරොන් සමරනායක
ගොටා බය නැහලු..
අදිරාජ්‍යවාදින්ගේ පදේට නටන්න තමන් සුදානමක් නැති වග ගොටභය මහතා පවසයි..
විදේශ බලවෙග නොතකා ඔනම අභියොගයකට මුහුන දිමට සුදානම් බව පවසයි..
මහින්ද පාරාදද???
මහින්ද බුකිය තුල පරාජය විම සම්බන්දයෙන් කියන කතා....
මහින්ද බුකිය තුල පරාද විම සම්බන්දයෙන් බුකියේ අය කියන කතා පහතින් බලන්න....
**ෆේස් බුක් එකට ගෙව්වාම ඉතින් හතර වටේ ඇඩ් වැටෙනවා , මෛත්‍රීපාල තමාව සල්ලි ගෙවලම මාර්කට් කරනවා. ඉතින් සෝශල් බේකර්ස් වල උඩට එන එක අහන්නත් දෙයක්ද? මාසෙකට 500$ දාලා පෝස්ට් දෙක තුනක් ගහලා බලන්න , එකට එන්න පුලුවන් ගේමක් නැතුව
*නෙදකිං ..මෛත්‍රීට ඒ කැමැත්ත පල කරලා තියෙන්නෙ කැමැත්තටම නෙවෙයි.ඒකෙ comment කියෙව්වොත් හිනා කාල මැරෙනවා යකෝ.කුණුහරපෙන් බැනලා තියෙන්නෙ.
**ඉන්දියන් කාරයො වෙන්නැති likes දාල තියෙන්නෙ. ලන්කාවෙ අය නම් වෙන්න බෑ
Fb එකට ගෙවලා ස්පොන්සර් කරලා ඇඩ් දාලා ගත්තු ලයික් නෙවෙයි මහින්ද රාජපක්ෂට තියෙන්නෙ. අන්න ඒක තමයි වෙනස
**මම දන්නෙත් නෑ.බැලින්න මාත් මේ හිටංට ලයික් 1ක් දාලා පෙන්නුවනෙ.ඒ වගේ ලයික් තමයි ඕකෙ වැඩිපුර ඇත්තෙ.මම නම් දැකපු ගමන් අන් ලයික් කරා රට පාවා දෙන කාළකණ්නි පරයගෙ පේජ් එක.ඒත් තාම නොදන්න උන් කොච්චර ඇතිද?මු දැන් අපිට නිදහසේ දාන්න තියෙන ලයික් එකත් මංකොල්ල කන්න පටන් අරන් පරයා...
** තව කුනුහරප බලන්නනම් වර්තමාන ජනපතිගේ බුකියට ගිහින්ම බලන්නකෝ...
මෛත්‍රී රට සවාරි වල කෙලපු පිස්සු..
වික‍්‍රමසිංහ - සිරිසේන රෙජීමයේ රට ආපස්සට ඇද ගෙන යන ගමනට එරෙහි සටනට එක්වෙමු!
- ජානිපෙ නායක විමල් වීරවංශ
වික‍්‍රමසිංහ - සිරිසේන රෙජීමයේ රට ආපස්සට ඇදගෙන යන ගමනට එරෙහිව සටන් වැදීම පිණිස සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ බලවේග එක්විය යුතු කාලය එළඹ ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
අද(26) 342/1/4, ඊ. ඩබ්ලිව්. පෙරේරා මාවත, කෝට්ටේ පාර, පිටකෝට්ටේ යන ස්ථානයේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලූ වෘත්තිකයන්ගේ සංගම්, ඉදිරියේදී මේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ETCA හෙවත් ශ‍්‍රී ලංකාවේ සේවා ආර්ථිකය සහ රැකියා වෙළඳපොළ ඉන්දියානුවන්ට විවෘත කෙරෙන පාවාදීමේ ගිවිසුමට එරෙහිව පාරට බැස්සා. ඒ සටනේ සිටින වෘත්තිකයන්ගේ හඩට සාවධානව ඇහුම්කන් දෙන්නේ නැතිව, ඔවුන් පවසන මතය නිවැරදිව ග‍්‍රහණයකර ගන්නේ නැතිව අග‍්‍රාමාත්‍යවරයාත් ඔහුගේ ගෝලබාලයනුත් වෘත්තිකයන්ට තර්ජනය කිරීම සහ ඔවුන්ට එරෙහිව මර්දන ක‍්‍රියාමාර්ග තේරීම අද සිදු වෙනවා.
විදුලි සංදේශ, ඩිජිටල් කටයුතු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා බදුල්ල මහ රෝහල ඉදිරිපිට වෛද්‍ය වෘත්තිකයන් සිදු කළ සාමකාමී උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට, ඔවුන් බිය වැද්දීමට තම ගෝලබාලයන් යවලා ඉතාමත් ත‍්‍රාඩ උත්සාහයක නියැලී තිබුණා. ඒ විතරක් නොවෙයි හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට 'පාදඩයා' යැයි හඳුන්වමින් ඉතාමත් පහත් පෙලේ ප‍්‍රහාරයක් එල්ල කළා. මෙමගින් පෙනී යන්නේ මේ ආණ්ඩුවේ මානසිකත්වය.
‘ඩිජිටල් නොවෙයි ඇනලොග් ඇමතිකමටවත් සුදුසුද?’
අග‍්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට ගෙම්බා, රීරි යකා ආදී එක එක නම් කියමින් අපහාස කරනවා. ඒ අතරේ වෛද්‍යවරුන්ටත් ‘පාදඩයා’ කියමින් අපහාස කරන වාතාවරණයක් අද මේ ආණ්ඩුව විසින් හදලා තිබෙනවා. ආණ්ඩුවේ ‘ඩිජිටල් ඇමති’ වෛද්‍යවරුන්ට ‘පාදඩයා’ කියන මට්ටමට වැටුණු ‘ඇනලොග්වත්’ නොවන ඇමතිවරයකුගේ මට්ටමට වැටී තිබෙනවා. වෛද්‍යවරුන්ට පමණක් නොවෙයි අද මේ ආණ්ඩුව තර්ජනය කරන්නේ. මාධ්‍යවේදීන්ට, රණවිරුවන්ට, මහා සංඝරත්නයට හිටපු ජනාධිපතිවරයා ඇතුළු තමන්ට හීලෑ නොවුණු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ඇතුළු සියලූ දෙනාට එකී තර්ජනය එල්ල වී තිබෙනවා. සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට අද මේ වික‍්‍රමසිංහ - සිරිසේන රෙජීමයේ තර්ජනය එල්ල වී තිබෙනවා.
අද සැබෑ විපක්‍ෂ දේශපාලන පක්‍ෂයක්, වෘත්තීය සමිතියක්, ජාතික සංවිධානයක්, පෝස්ටරයක්, පත‍්‍රිකාවක් මුද්‍රණය කළොත් මුද්‍රණාලයට ගිහිල්ලා මුද්‍රණකරුවන්ගෙන් සීඅයිඩිය ප‍්‍රශ්න කරනවා. ඒ විදිහට භීතිකාවක් ඇති කරලා, ඒවා මුද්‍රණය කළ යුතු නැහැ කියන මානසිකත්වයකට මුද්‍රණකරුවන් අද පොළඹවමින් සිටිනවා. මේ අය දෙනවා කියපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද? මේ ආණ්ඩුව මේ රටේ ඉදිරි ගමනට ඵලදායක වන කිසිදු පියවරක් ජනවාරි 08 වැනිදා සිට මෙතෙක් අරගෙන නැහැ. මේ අය කරමින් ඉන්නේ පැති දෙකකින් ජාත්‍යන්තර බලවතුන් සතුටු කරමින් සිටීම පමණයි.
‘ඉන්දීය ගිලන්රථ සමග පැමිණෙන රෝ ඔත්තුකරුවෝ’
අද ඉන්දියාවට ගිලන්රථ සේවාවක් ඇරඹීමේ ඉඩකඩ ලබාදී තිබෙනවා. ඉන්දියාවත් පවසනවා ‘මුල් අවුරුදු දෙක, තුන සඳහා මේ සේවාව නොමිලේ සපයනවා’ කියලා. නමුත් මෙමගින් බස්නාහිර හා දකුණු පළාත්වල සියලූ තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක් හදා ගැනීමට එම ගිලන් රථ සමාගමේ සේවයට එන සේවකයන්ට හැකි වෙනවා. ඒ ඉන්දීය සේවකයන් බොහෝ දෙනකු රෝ ඔත්තු සේවයට අයත් පුද්ගලයන් බවයි අපට අනාවරණය වෙලා තිබෙන්නේ.
ඉන්දියාවේ ගිලන් රථ නොමැතිව පමණක් නොවෙයි, ගිලන් රථ යාමට පාරක් නොමැති නිසාත් මිනිසුන් මිය යනවා, ඉන්දියාවේ සෞඛ්‍ය සේවය ලොව පහළම මට්ටමේ සෞඛ්‍ය සේවයක්. එසේ තිබියදී ලංකාවට ඉන්දියානු ගිලන් රථ දෙන්නේ ඇයි? එය වෙනම ආයතනයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යෘංශයට අනුයුක්ත කරලා තිබුණත් ඒකට වග කියන්නේ කවුද, කියන එක අවිනිශ්චිතයි.
‘ගොවියා මහ පාරට ඇද දමලා’
අද ගොවි ජනතාව තමන්ගේ වී ටික සහතික මිලට විකුණාගන්න බැරිව පාරට වැටිලා. 2005දී බලයට ආපු මහින්ද රාජපක්‍ෂ පාලනය ගොවියා වස බී මියගිය යුගය අවසන් කළා. දැන් නැවතත් මේ ආණ්ඩුව ගොවියා සියදිවි නසා ගන්නා යුගයක් ආරම්භ කරලා තිබෙනවා. පැවති ආණ්ඩුව රුපියල් 45-50ට වී කිලෝවක් මිලදී ගත්තා. ‘ඒක මදි. අපි ඊට වැඩි මිලක් දෙනවා‘ කියලයි මේ ආණ්ඩුව බලයට ආවේ. නමුත් අද ගොවියාට වී කිලෝව රුපියල් 20කටත් විකුණා ගන්න බැහැ. දවසින් දවස වී කිලෝවේ මිල පහත බහිනවා. එවිට මේ ආණ්ඩුවට සම්බන්ධ වී මිලදී ගැනීමේ මාෆියාවට විශාල ලාභයක් ලැබෙමින් පවතිනවා.
‘වික‍්‍රමසිංහ - සිරිසේන ඒකාධිපති රෙජිමය’
ලෝක වෙළඳපොළේ ඩොලර් 25-30ට බොරතෙල් බැරලය විකිණෙද්දී මේ ආණ්ඩුව තෙල් මිල අඩු නොකර ඉන්නවා. එමගින් ඉන්දියානු ඔයිල් සමාගම(IOC) විශාල ලාභයක් අරගෙන යනවා. පොහොර සහනාධාරය කප්පාදු කරලා, වී ගොවියා පමණක් නොවෙයි, තේ, රබර්, එළවළු වගාකරුවන් ද දැඩි අපහසුතාවයට පත් කරලා තිබෙනවා. මේ විදියට වෘත්තිකයන් සහ ගොවි ජනතාව අපහසුතාවයට පත් කර ඇති මේ ආණ්ඩුව අද සැබෑ ලෙසම ඒකාධිපති ගමනක් අරඹා තිබෙනවා. අද වික‍්‍රමසිංහ - සිරිසේන ඒකාධිපති රෙජිමයක් ගොඩනැගෙමින් තිබෙනවා.
මේ තත්වය ඉවසන්න තමන් සූදානම් නැහැ කියන එක ජනතාව අද ස්වෙච්ඡාවෙන්ම පාරට බැහැලා ඔප්පු කරමින් සිටිනවා. ‘මේ ආණ්ඩුවේ අමන, මර්දනකාරී ප‍්‍රයත්නය උපන්ගෙයිම පැරදවිය යුතුයි කියන මතයේ තමයි ජනතාව ඉන්නේ. ජනතාව සමග එක්ව මේ ආණ්ඩුවේ අත්තනෝමතික ගමනට එරෙහිව සටන් වැදීමට සැබෑ විපක්‍ෂය වන ඒකාබද්ධ විපක්‍ෂය සූදානම්ව සිටිනවා. මාර්තු මාසයේ සිට මේ තත්වයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ, ජනතා රැලි පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු යොදා තිබෙනවා. ඒ බව දන්නා නිසයි, ‘හොරු අල්ලනවෝ’ කියමින් මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් දඩයම් කිරිමේ සිය මෙහෙයුම තවතවත් පුළුල් කරමින් සිටින්නේ. අද ආණ්ඩුව සමග යම් චෝදනා සහිත ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරයකු එක්ව සිටිනවානම් ඔහුට විරුද්ධව කිසිදු හඩක් මේ ආණ්ඩුව නගන්නේ නැහැ. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයන්ට බොරු චෝදනා, වර ගන්වමින් ඉදිරිපත් කර ඔවුන් දඩයම් කිරීම මේ ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත වී තිබෙනවා. එමගින් අද හඩක් නැති ජනතාවට හඩක් වීමේ ඉඩකඩ ඒකාබද්ධ විපක්‍ෂයට අහිමි කරමින් සිටිනවා.
‘මංගල වොෂින්ටනයේදී කියූ කතාව’
පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කළ කතාවක් විදේශ මාධ්‍යයන්හි පළව තිබෙනවා. මෙවැනි ප‍්‍රවෘත්ති අද මෙරට බොහෝ මාධ්‍ය තුළින් දැක ගැනීමට වෙන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත එල්ලකර ඇති තර්ජන ඊට හේතු වී තිබෙනවා.
දැන් බලන්න, උතුරු අහසේ ගුවන් හමුදාවට පුහුණුවීම් සඳහා තිබූ ඉඩකඩ අද මේ ආණ්ඩුව නොනිල වශයෙන් අත්හිටුවා තිබෙනවා. රටක ගුවන් හමුදාවකට තම රටේ කොටසක ගුවන් සීමාව අහිමි වෙනවා කියන්නේ සුළුපටු දෙයක්ද? නමුත් අද මේ පිළිබඳව කතා කරන්නේ නැති තැනට මේ ආණ්ඩුව මාධ්‍ය මර්දනය දැඩිකර තිබෙනවා.
මංගල සමරවීර මහතා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් කරන කතාවේදී කියනවා ‘ඉදිරි මාස කිහිපය තුළ යුද අපරාධ පිළිබඳ ගවේෂණය කරන අධිකරණය පිහිටුවනවා. ඒ වගේම විදේශීය විනිසුරන්, අභිචෝදකයන්, නීතිඥයන් හා පරීක්‍ෂකයන් එයට සම්බන්ධකර ගැනීමට සලකා බලනවා. මේ පිළිබඳව අවසන් තීරණය ගන්නේ දෙමළ ජාතික සන්ධානය එක්කත් සාකච්ඡා කරලා’ කියලා. නමුත් මීට ටික කලකට පෙර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවා ‘අපි ක‍්‍රියාත්මක කරන්නේ දේශීය අධිකරණ යාන්ත‍්‍රණයක්’ කියලා. එහෙමනම් මංගල සමරවීර මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා ඉහත ආකාරයට ප‍්‍රකාශ කළේ කාගේ මතයද? මේකෙන්ම පෙනෙනවා, ‘මේ ආණ්ඩුව බටහිර බලවතුන්ගේ උවමනාව අනුව නැටවෙන රූකඩ පාලනයක්’ කියලා. මේ ආණ්ඩුව මේ රට නැවත අතීතයට රැුගෙන යන්න හදන්නේ. වික‍්‍රමසිංහ - සිරිසේන රෙජීමය අපේ රට නැවත අතීතය කරා රැුගෙන යන ගමනට එරෙහි මේ රටේ පොදු ජනතාව ඒකාබද්ධ විපක්‍ෂය සමග අත්වැල් බැඳගෙන පෙරට ආ යුතුයි. ‘ඒ සටන අපි මාර්තු මාසයේදී අරඹනවා.’ කියන එක අවධාරණය කරනවා’’
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා
ප‍්‍රශ්නය:- දළදා මාලිගාව අබියස මාර්ගය විවෘත කිරීමට ගන්නා උත්සාහය ගැන මොකද කියන්නේ?
පිළිතුර:
‘‘දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත කරන්න කියලා උද්ඝෝෂණය කළේ කොළඹ ඉදන් ගිය කට්ටියක්. ඒගොල්ලෝ රාජ්‍ය නොවන සංවිධානවල කට්ටියක්. වැඩි දෙනෙක් බෞද්ධයන් නොවන අය. මේ අය ගිහිල්ලා ඉතාමත් අසෝබන ලෙස දළදා හාමුරුවෝ ඉදිරිපිට ගහමරා ගන්න තත්වයකුත් නිර්මාණය කළා. පෙළපාලි ගියා. එතුමන්ලා හිතනවා ඇති ඒක ලිප්ටන් වටරවුම කියලා. ලිප්ටන් වවටරවුම අසල වහලා තියෙන පාරක් අරින එක හරි. නමුත් දළදා මාලිගාව කියන්නේ බෞද්ධ අබෞද්ධ කවුරුත් පිළිගත යුතු දෙයක්. මේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩ ලෙස සැලකෙන වැදගත් සිද්ධස්ථානයක්. ඒ පූජනීය වැදුම් පිදුම් ලබන ස්ථානයට යාබදව පාරක් තිබෙනවානම් ඒ පාර විවෘත කළාම රථ වාහනවල සද්ද, ඒවායින් එන දුම් ආදියෙන් ඒ පූජනීය ස්ථානයට වන අගතිය ගැන මේගොල්ලෝ සලකා බලන්නේ නැහැ. මහනුවර නගරයේ තිබෙන වායු දූෂණයට එකම හේතුව මේ පාර වැසීම කියලා කියනවානම් ඒක විහිළුවක්. මේ නැති ප‍්‍රශ්නයක් ඇති කර අද දළදා මාලිගාව ඉදිරිපිට තිබෙන පාර අරින්න කියලා පෙළපාලි යන්නේ මේ ආණ්ඩුව හදන්න කඬේ ගිය ‘සිවිල් සමාජ සංවිධාන’ කියලා හදුන්වන එන්ජී ඕ සංවිධාන ජාලයේ කප්පිත්තො ටික. ඇත්තටම ගත්තොත් ඒගොල්ලොත් මේ ආණ්ඩුවේම කොටසක්. මේ ආණ්ඩුවේම එක්තරා ආකාරයක ‘ටූල්’ එකක්. ඉතින් ඒ අය තමයි දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත කරන්න කියලා කියන්නේ. අපි විශ්වාස කරනවා එය නොකළ යුතුයි. වතිකානුව ඉදිරිපිට පාර වහලා තියෙනවානම්,ලෝකයේ් බොහෝ පූජනීය ස්ථාන ඉදිරිපිට තිබෙන පාරවල් ඒ පූජනීය ස්ථානයේ වැදගත්කම සලකලා වසා දමා තිබෙනවානම් මේ මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් යන පාර විවෘත කිරීම කිසිසේත් නොකළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා.’’
ප‍්‍රශ්නය:- ෆෝන්වලින් මාධ්‍ය සංදර්ශන පවත්වන නියෝජ්‍ය ඇමති ඔබතුමාට එල්ල කරන චෝදනා ගැන මොකද කියන්නේ?
පිළිතුර
‘‘කොළඹ ඉන්න සමහර වයසක කාන්තාවන් සතුටු කරන්න පිරිමි ගණිකාවන් හැටියට වැඩ කරපු මහත්වරු ඉන්නවා දැන් දේශපාලනයට ඇවිල්ලා. ඒ පිරිමි ගණිකාවන් හිතනවා දේශපාලනයත් ඒ වගේ නාඩගමක් කියලා. අපිට කමක් නැහැ කවුරුහරි නැතිබැරිකමට පිරිමි ගණිකාවක් හැටියට ඇවිල්ලා ඒ කවුරුහරි සන්තර්පණය කළාට. ඒවා ගැන හොයන්න අපිට වෙලාවක් නැහැ. අපිට අපේ වැඩ තිබෙනවා. හැබැයි ඒ පිරිමි ගණිකාවන් විදියට වැඩ කරලා ඉතිහාසයක් තියෙන මහත්තුරුන්ට අපි කියන්න කැමතියි, ‘නිකං හොරු අල්ලනවෝ, හොරු අල්ලනවෝ කියලා මිනිස්සුන්ගේ ඔළුවලට වසුරු හෙළන්නේ නැතුව තමන් රට බාරගත්තානම් රට හදලා පෙන්වන්න, රටේ වැඩක් කරලා පෙන්වන්න, රටට සංවර්ධනයක් කරලා පෙන්වන්න. දියුණුවක් කරලා පෙන්වන්න, ප‍්‍රගතියක් ගෙනල්ලා පෙන්වන්න’ කියලා. අද මොකුත් නැහැ. හැම අංශයකින්ම රට කඩා වැටිලා. පෙන්නන්න ප‍්‍රවෘත්තිත් නැහැනේ. දැන් බලන්නකෝ අපේ ආණ්ඩුව කාලේ පත්තරයක් ගත්තත් හැමදාම විවෘත කිරීම්, වැඩ ආරම්භ කිරීම් මහා විශාල ප‍්‍රමාණයක් තිබුණා. අද කියන්න දෙයක් නැහැ. කෙරෙන වැඩක් නැහැ. දැන් අඩු ගානේ පශු සම්පත් ඇමති හරකෙක්වත් ගෙනල්ලා තිබෙනවාද?, කිරි ටිකක්වත් වැඩි කරලා තිබෙනවාද? ඒ මෙකුත් නැහැ. ඉතින් මේගොල්ලෝ හිතන් ඉන්නේ දේශපාලනය කියන්නෙත් අර පිරිමි ගණිකා වෘත්තිය වගේ දෙයක් කියලා. ඇත්තටම මට පෙනෙන්නේ ඔහු තාම කරන්නෙත් ඒ වෘත්තිය තමයි.’’
මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා ද සහභාගී විය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.02.26

Subscribe to:
Posts (Atom)