Sunday, February 28, 2016

බෞද්ධ නසන හිමියෝ

ආන්ඩුවේ භික්ෂු දඩයම තවමත් ඉවර නැත. අත් අඩංගුවට ගන්නට තවත් භික්ෂුන් වහන්සේලා ලයිස්තුවේ සිටිති.
එයට හේතුව කුමක්ද.?
ආන්ඩුවේ මේ භික්ෂු දඩයමේ ඇරඹුම කොතැනද.?
එදා හෝමාගම උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම මෙසේ පන්න පන්නා අත් අඩංගුවට ගන්නට තරම් බරපතල කාරනයක්ද.?
මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරක් වන එක කතාවක් එලි කරන්නට දැන් කාලය හරිය.

එදා හෝමාගම උසාවියට පැමින ඥාණසාර හිමියන් ඇතිකල සිදුවීම හුදෙක් අහඹුවක්ද.?
නැත.
එය බොදු බල සේනාවේ ගිහි උපදේශකයෙකුගේ සැලැස්මකි.
"හාමුදුරුවනේ. . ඔබ වහන්සේ ගිහින් එතන කලබලයක් ඇති කරන්න. උසාවියට අපහාස කල වරදට ඔබවහන්සේව අතඩංගුවට ගනීවි. ඔබ වහන්සේ අත් අඩංගුවට ගන්න වෙලාවේදී උසාවිය ඉස්සරහ ලොකු කලබැගෑනියක් ඇති කරන්න හාමුදුරුවරු පොලඹවන්න. පුලුවන් උපරිම හාමුදුරුවරු සංඛ්‍යාවක් ඇතුලට යවන විදිහට වැඩ කෙරෙන්න ඕන. එතකොට සංඝාධිකරණය ගෙනෙයි.. ඔබ වහන්සේ අත් අඩංගුවට අරන් පැය විසි හතරෙන් ඇප ගන්නම්. ඒ ගැන මම ............. ඇමතිතුමා එක්ක කතා කරගෙන තියෙන්නෙ"
එකී ගිහි උපදේශකයා ඥාණසාර හිමියන්ට කීය.
ඔහුගේ ඒ සැලැස්ම ක්‍රියාත්මක විණ.
ඥාණසාර හිමි තවත් පිරිසක්ද සමග එදා උසාවියට පැමිණ අවශයව තිබූ ගැටුම නිර්මාණය කලහ. පසුදා වන විටම උන් වහන්සේ අත් අඩංගුවට ගන්නා නාටකයද ක්‍රියාත්මක විණ.

මෙය භික්ෂුන් වහන්සේලාට ඇටවූ මර උගුලක් බව දැන නොසිටි අනෙක් භික්ෂුන් වහන්සේලා ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට එරෙහිව සටන් වදින්නට හෝමාගම උසාවිය අසලට රැස්වූහ.

කතා කරගත් ලෙසින්ම ඥාණසාර හිමි අත් අඩංගුවට පත් විය. බොදු බල සේනාවේ මෙන්ම අනෙකුත් ජාතික සංවිධාන වල ඉදිරිපෙල භික්ෂුන් වහන්සේලා අත් අඩංගුවට ගන්නට අවශ්‍ය පසුබිමද ඒ හරහා නිර්මානය කරගන්නා ලදී. එදා ඒ උද්ගෝෂණයේ සිටි  කෝලාහල කල මෙන්ම නොකල භික්ෂුන් වහන්සේලාද අත් අඩංගුවට ගන්නට නියමිත ලැයිස්තුවට ඇතුලත් විය.

එහෙත් කතා කරගත් ලෙසට ඥාණසාර හිමිට පැය විසි හතරෙන් ඇප ලැබුනේ නැත.

ඒ වෙනුවට හාමුදූරුවන්ව දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබන්නට කටයුතු කෙරිණ.

එසේ නම් අර කී ගිහි උපදේශකයා .......... ඇමතිතුමා සමග කතා කරගත් ගනුදෙනුවට සිදුවූයේ කුමක්ද.?

පසුව දැනගන්නට ලැබුන පරිදි ඒ ගිහි උපදේශකයා ගනුදෙනුව හෙවත් ඩීල් එක දමා තිබුනේ ඇමති වරයෙකු සමග නොවේ. කෙලින්ම රටේ ඉහලම තානාන්තරයක් දරන පුද්ගලයෙකු සමගය. එකී පුද්ගලයාගේ නම සදහන් නොකරමි. එහෙත් ඔහු කිසිම ජනවරමකින් තොරව පිනට ඒ පදවියට පත්වූ අයෙකි.
හරි විදිහට කීවොත් මේකත් මෙගා ඩීල් එකකි.

මේ ඩීල් එකට හේතු කාරනා කීපයකි.

1. එ.ජා. මානව හිමිකම් වාර්තාවේ එක් කරුණක් ලෙස මෙරට බෞද්ධ අන්තවාදයක් ගැන සදහන්ව ඇත. බෞද්ධ අන්තවාදින්ගේ හිංසා නිසා මෙරට සුලු ජාතිකයන්ට ජීවත් වෙන්නට අසීරු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව එහි සදහන්ව ඇත.
ඉහත කී හෝමාගම උසාවියේ සිදුවීම සිදු වන කාලවකවානුව තුල මෙරටට පැමිනි මානව හිමිකම් කුමාරයා සෙයිඩ් අල් හුසේන්ට පෙනෙන සේ මේ කියන බෞද්ධ අන්තවාදීන්ට දඩුවම් කර පෙන්වන්නට ආන්ඩුවට උවමනා වී තිබිණ

මෙසේ ජාතික සංවිධාන වල භික්ෂුන් තොග පිටින් හිර කිරීමෙන් ඒ කතාව යස අපූරුවට ගලපා ගන්නට ආන්ඩුවට හැකි විය.

2. දැනටමත් සූදානම් කරගෙන ඇති රට බෙදන, බුදු දහමට ප්‍රමුක තැන අහිමි කල ව්‍යවස්තාව කරලියට එන විට පාරට බැස හඬ නගන්නට සිටින භික්ෂුන් වහන්සේලා කල් තියාම මෙවැනි ප්‍රබල මර්ධනයකින් නිහඩ කොට තැබීම ආණ්ඩුවේ ඊලග අරමණය.

බෞද්ධ බලවේග යටපත් කරන්නට බලා සිටින පල්ලියේ සහ මුස්ලිම් අන්තවාදී බලවේග වල උවමනාවද කතෝලික පාලකයෙකු වන අර කී ප්‍රබල දේශපාලකයාට ලංකාවේ බෞද්ධ පදනම විනාස කරන්නට ඇති උවමනාවද මේ සමග වෙයි.

ඉතින් සිංහල බෞද්ධ අප ඉදිරියේ ඇති අභියෝගයද, එය කොතරම් අසීරු ගමනක්ද යන්න තේරුම් ගන්නටත්, මේ ගමන තුල කොතරම් දරුණු පාවා දීම් වනවාද යන්න තේරුම් ගන්නටත් කාලය එලඹ ඇත.


No comments:

Post a Comment