දිනය එක්දහස් නමසිය අනූදෙකේ අගෝස්තු අට වැනිදාය. එදින උදෑසන යාපනය කයිට්ස් කඳවුරේ හුන් හමුදා නිලධාරීහු විශේෂ පුද්ගලයකු එනතුරු බලා සිටියහ. ඔහු ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ මහ මොළකරු වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවය. කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට ආවේ බෝට්ටුවලිනි. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු කීප දෙනෙක්ම එහි හුන්හ. ඔවුන් යාමට නියමිතව හුන්නේ අරාලි තුඩුවටය. ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවය. එහි සිට නාවික හමුදා බෝට්ටු මගින් සෙබළුන් යාපනය නගරය අල්ලා ගැනීමට යාමට නියමිතව තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් ඇරඹුවේ ජිප් රථ දෙකක නැගීය. අතරමගදී සියලු දෙනා එක ජිප්රියක නැගිය යුතු බව තීරණය කළේ එල්.ටී.ටී.ඊ.යේ දර්ශන පථයෙන් ඈත්වීමේ උපක්‍රමයක් ලෙසය. එහෙත් මේ ගොඩවන්නේ මරුවා සැඟ වී සිටින රියකට බව කිසිවෙකුට නොසිතෙන්නට ඇත.
සෙබළුන් දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම එම ජිප් රියට ගොඩවූහ. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් එච්.ආර්. ස්ටීවන් , කර්නල් යශෝධ පලිපාන, කර්නල් ජී.එච්. ආරියරත්න , මේජර් නලීන් අල්විස්, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර්, චන්දිම විජයපුර, කෝප්‍රල් ජගත් වික්‍රමරත්න හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සහයක සෙබළා වන සෙබළ උපාලි ද ඒ අතර වූහ. වාහනයේ ඉඩක් නොවූ බැවින් සෙබළ උපාලි හිටියේ රථයේ පිටුපස එල්ලීය.
කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් අරඹන විට ඔවුන් සමග පැමිණි අනෙක් රථය අරාලි තුඩුව පෙනෙනතෙක් මානයේ සෙවණ ඇති බිමක නතර කෙරුණි. පැය භාගයක් පමණ ගත වුණි. නතර කළ තිබූ ජිප් රියේ සිටි අයට ඇසුණේ කොබ්බෑකඩුව ගිය ජිප්රිය නැවත පැමිණෙන ශබ්දයය. එබැවින් ඔවුහු තම ජිප් රියද පණනැංවූවේ ගමන් ඇරඹීමටය.
කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් අරඹන විට ඔවුන් සමග පැමිණි අනෙක් රථය අරාලි තුඩුව පෙනෙනතෙක් මානයේ සෙවණ ඇති බිමක නතර කෙරුණි. පැය භාගයක් පමණ ගත වුණි. නතර කළ තිබූ ජිප් රියේ සිටි අයට ඇසුණේ කොබ්බෑකඩුව ගිය ජිප්රිය නැවත පැමිණෙන ශබ්දයය. එබැවින් ඔවුහු තම ජිප් රියද පණනැංවූවේ ගමන් ඇරඹීමටය.
මේ අතර කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පැමිණ රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වූවා පමණි. මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා ගියේය. ඒ දෙදරීම කොතරම්ද යත් එහි කම්පනය අදටත් රට්ටුන්ගේ හදවතවලට හොඳට දැනේ. විනාඩි ගණනාවක් පුරා මුළු බිමම මහා ධූලි වලාවකින් වැසී ගියේය. නවතා තිබූ වාහනයේ හුන් හමුදා නිලධාරීහු පිපිරුම වූ බිමට දිව්වෝය. එහි මහා ආවාටයක් ඇදී තිබුණි. ඔවුන්ට මුලින්ම හමුවූයේ කොමදෝරු මොහාන් ජයමහය. ලේ විලක් මැද වැටී හුන් ඔහුගේ පණ නළ ගැහෙමින් තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටීසිටියේ මරුවා සමග සටන් කරමිනි. බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි. රථයේ පිටුපස එල්ලී ගිය සෙබළ උපාලිගේ දෙපා තිබුණේ සිරුරෙන් වෙන්වීය. පණගැහෙමින් හුන් ඔහු කැඩී වෙන්වූ දෙකකුල්ද සොලවමින් කෑගසමින් හුන්නේය. (ඔහු මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයාය) කොබ්බෑකඩුව, ජයමහ හා උපාලි හැර අන් සියලු දෙනාගේම සිරුරු තිබුණේ සත් අතකට කැඩීය. ඔවුහු සියල්ලෝම ඒ වන විටත් දිවි සටනින් පරාජයට පත්ව හුන්හ.
පිපිරුමෙන් විනාඩි කීපයකට පසු හෙලිකොප්ටරයක් අරාලි බිමට ගොඩබැස්සේය. එම හෙලිකොප්ටරය කලින් ලෑස්ති කර තිබුණේ මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යළිදු වරක් කඳවුරට යාමටය. හෙලිකොප්ටරයට මුලින්ම නංවා ගත්තේ කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන්ය. ඔවුන් දෙදෙනා පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ දිවියට සමු දුන්නේය. පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවැසි මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් ඔහු වහාම
කොළඹට යැවීමට තීරණය කළේ බරපතළ තත්ත්වයේ ඔහු පසු වූ බැවිනි. මේ අතර පලාලි කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජයවර්ධනපුර මහ රෝහලට කතාකර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ශල්‍යාගාරය වෙන්කර තබන්නැයි දැනුම් දුන්හ. එසැණින් ජයවර්ධනපුර රෝහලේ බලධාරීහු ක්‍රියාත්මක වූහ. ඔවුන් කොබ්බෑකඩුවගේ දිවිය ගලවා ගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සැදී පැහැදී හුන්හ. යම් හෙයකින් අතරමගදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරුණි.
කොළඹට යැවීමට තීරණය කළේ බරපතළ තත්ත්වයේ ඔහු පසු වූ බැවිනි. මේ අතර පලාලි කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජයවර්ධනපුර මහ රෝහලට කතාකර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ශල්‍යාගාරය වෙන්කර තබන්නැයි දැනුම් දුන්හ. එසැණින් ජයවර්ධනපුර රෝහලේ බලධාරීහු ක්‍රියාත්මක වූහ. ඔවුන් කොබ්බෑකඩුවගේ දිවිය ගලවා ගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සැදී පැහැදී හුන්හ. යම් හෙයකින් අතරමගදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරුණි.
සිහිසුන්ව හුන් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ දිවි ගලවා ගැනීමට ඔහුට වහාම විශේෂඥ ප්‍රතිකාර දිය යුතු මුත්, එය ප්‍රමාද වූයේ ඇයිදැයි යන්න අදටත් අබිරහසකි. ජයවර්ධනපුර මහ රෝහලේ සියලු කටයුතු සූදානම් කර තිබියදීත් ඔහු රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටය. පලාලි වලින් රත්මලානටත් , රත්මලානෙන් ජයවර්ධනපුර රෝහලටත් එතැනින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත විණි. උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් කොබ්බෑකඩුව හුන්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයේය. ඔහුගේ ජීවිතය බේරාගැනීමට දොස්තරවරු නොගත් වෙහෙසක් නැත. එනමුත් ඒ සියල්ල පරාජය කරමින් පස්වරු දෙකහමාරට පමණ මරුවා ජය ගත්තේය.
ඒ මරණය වී මේ මාසයට විසිඑක් වසරක් ගත වුණිද ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය අදටත් අබිරහසකි. ඔහුගේ ඝාතනයට සෘජුවම ඇඟිල්ල දිගු වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයටය. රජය තමන්ට එල්ල වූ කළු පැල්ලම මකා ගැනීමට ඝාතනය ගැන පිරික්සීමට ඉස්මයිල් කොමිසම පත් කළේය. ඒ අතරේ එංගලන්තයේ හුන් බෝම්බ විශේෂඥයකු වූ ජේ.ආර්. වයට් ද මේ ගැන පරීක්ෂා කළේය. ආණ්ඩුවේ වාර්තාවත් එම වාර්තාවත් පරස්පර විය. ඉනික්බිතිව බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිනිය කොබ්බෑකඩුව ඝාතන කොමිසමක් පත් කළාය. එහිදී ද සත්‍යය හෙළි නොවීය. සැබැවින්ම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය කළේ කොටි සංවිධානයද එසේ නැතිනම් ඔහු දේශපාලනයට පැමිණෙතැයි පැතිරී ගිය ආරංචියට බිය වූ දේශපාලනඥයන් පිරිසක්ද. මේ ප්‍රශ්නවලට උත්තර ද සදාතනිකව පොළොව යට වැලලී තිබෙනු ඇත. මක්නිසාද යත් කොබ්බෑකඩුව ඝාතනයේ ඇඟිල්ල දිගු වූ සියල්ලෝම දැන් සිටින්නේ පොළොව යට බැවිනි.

No comments:
Post a Comment