Friday, February 26, 2016

මාරාන්තික උපවාසයකින් දිනාගත් පොහොර සහනාධාරය කප්පාදුවට ඉඩ නොදෙමු..




මාරාන්තික උපවාසයකින් දිනාගත් පොහොර සහනාධාරය කප්පාදුවට ඉඩ නොදෙමු.. 

පසුගිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීම යටතේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය මගින් සංවිධානය කරනු ලද, පොහොර සහනාධාර ලබාගැනීමී ජාතික සටනේදී. “මාරාන්තික උපවාසයක් දක්වා” ගමන් කොට ලබාගත් පොහොර සහනාධාර වර්තමාන යහපාලනය යයි කියා ගන්න ආණ්ඩුව විසින් කිසිම හිතක් පපුවක් නොමැතිව කප්පාදු කිරීමට එරෙහිව වර්තමානයේ එකතු විය යුතු කාලයයි.. 
මහවැලි ගඟ ස්වභාවික නිර්මාණය වෙද්දී මහවැලි ගඟ ස්වාභාවිකව තලාවක් දිගේ ගලා බසින ප්‍රදේශ‍ය ජන වහරේ ගඟ තලාව නමින් භාවිතයට ගන්නා ලදී. 
මේ වන විට අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් ඉටුකරන යහපාලනය ගොවියාගේ ගොවි අයිතීන් ඉතාම සීග්‍රයෙන් උදුරාගනමින් සිටි. 

උදුරාගත් පොහොර සහනාධාර ලබාගැනීම වෙනුවෙන්  2016 02 25 දින.. 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරී නායක, වර්තමාන ජාතික නිදහස් පෙරමුණ නැගෙනහිර පළාත් නායක, ගඟ තලාව එක්සත් ගොවි සංවිධානයේ සභාපති, නැගෙනහිර ජනතා සංවිධානයේ කැඳවුම්කරු ඒ වගේම වර්තමාන නැගෙනහිර පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විසින් සංවිධානය කල පොහොර සහනාධාර ලබාගැනීමේ හා වී වලට රුපියල් 50ක සහතික මිලක් ලබාගැනීමේ දැවැන්ත උත්ගොසන රැලියක් පැවැත්විය. 

එහිදී විශේෂත්වය වනුයේ සියලු පක්ෂ, සියලු ජාතින් එනම් 

1. රජයේ ගොවිකන සම්මේලනයේ සභාපති ඒවගේම එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී පාල මහතා. 

2. පෙරටුගාමී පක්ෂයේ ත්‍රිකුණාමලය නායක විමල් පියතිස්ස මහතා 

3. කන්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ) සමන් ඒකනායක මහතා 

4. ජාතික නිදහස් පෙරමුණ නැගෙනහිර නායක ජයන්ත විජේසේකර. 

5. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රභල සාමාජිකයන්. 

6. සිංහල , දමිල , මුස්ලිම් ජන නායකයින් ඇතුළු ජනතව මෙයට සහභාගී විය. 



No comments:

Post a Comment